අලියෙකුගේ මුහුණේ හැඩය තිබෙන දුර්ලභ මාළුවෙකු මන්නාරම මුහුදෙන් සොයා ගනී (Video) ~ niruwatha

Sunday, May 4, 2014

අලියෙකුගේ මුහුණේ හැඩය තිබෙන දුර්ලභ මාළුවෙකු මන්නාරම මුහුදෙන් සොයා ගනී (Video)

මන්නාරම, වලෙයිකුඩා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින්ට අලියෙකුගේ හොඩවැලට සමාන හිසක් සහිත දුර්ලභ ගනයේ මත්ස්‍ය විශේෂයක් හමුවී තිබේ.

ජාතික ජල ජීවි නියෝජිත ආයතනය පැවසුවේ, එම මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් හමු වූ ‍ප්‍රථම අවස්ථාව මෙය බව ය.
ඉන්දියාවේ රාමේෂ්වරම් සිට පැමිණි ධීවරයින්ට මෙම මත්ස්‍ය විශේෂය ඉකුත් 02 වන දා හමුව ඇති අතර ,  ද හින්දු පුවත්පතද මෙය වාර්තා කර තිබුණි.
‘Bentnose Rabbitfish’ හෝ ‘Longnose Chimaera’ ලෙස මෙම සත්ත්වයා සුලබව ඉංග්‍රීසි බසින් හැඳින්වේ.
පැසිෆික් සහ ආර්ක්ටික් ඇතුළු මීටර් 400 ට වැඩි ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව මෙම මත්ස්‍ය විශේෂය බහුලව ජීවත්වන බව සාගර විද්‍යාඥයින් පවසන අතර , එම සත්ත්වයින් තම හිස, වන හස්ති හොඩවැල වැනි කොටස භාවිත කරන්නේ
ආරක්ෂාව, සන්නිවේදනය සහ ආහාර ගැනීම ඇතුළු කටයුතු සඳහායි.
එම සත්වයින් සෙන්ටි මීටර් 60 ත් 140 ත් අතර දිගකින් යුතුවේ.
ආර්ථික වශයෙන් මෙම මත්ස්‍යයින් වැදගත් නොවුණත් ,එම සත්වයින්ගේ මාංශ ඉතා මෘදු ගතියකින් යුක්තයි.
මේ අතර නාරා ආයතනය පවසන්නේ , ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ වඩාත් ගැඹුරු ප්‍රදේශවලද මසුන් ඇල්ලීමේ නිරත වන බව මෙම මත්ස්‍යයින් හමුවීම තුළින් තහවුරු වන බව ය.
එමෙන්ම ඔවුන් මෙලෙස ගැඹුරු මුහුදේ ද ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ජෛව විද්‍යාත්මක අගයන් සඳහා බලපෑම් එල්ල වන බව ද එම ආයතනය පවසයි.


0 comments:

Post a Comment