අනියම් සැමියා සමග එක්වී සය හැවිරිදි දැරියට වධ හිංසා කරලා ~ niruwatha

Tuesday, May 13, 2014

අනියම් සැමියා සමග එක්වී සය හැවිරිදි දැරියට වධ හිංසා කරලා

අනියම් සැමියා සමග එක් ව සිය 6 හැවිරිදි දැරියට වධ හිංසා පැමිණ වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් මවක රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.
ලබන 21 වන දින දක්වා අදාළ කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රාජා ශ්‍රීමෙවන් මහේන්ද්‍රරාජා මහතා නියෝග කර තිබේ.
අදාළ මව ප්‍රදේශයේ ම පදිංචි හමුදා සෙබළෙකු සමග අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ සබඳතාවට බාධාවක් වීම හේතුවෙන් දැරියට එලෙස හිංසා පමුණුවා ඇති බව වාර්තා වේ.
දිනක් දැරිය මාර්ගයක් අසල හඬමින් සිට ඇති අතර අසල්වැසියෙකු එය දැක දැරියගේ ඥාතියෙකුට ඒ පිළිබඳව දැනුම් දී  තිබේ.
දැරිය එම ඥාතියාට තමන් මුහුණ දීමට සිදුවූ සියලු දේ විස්තර කර ඇති අතර පසුව එම කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබේ.
පසුව පදවිය පොලීසිය අදාළ මව අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළේ ය.
සැකකාර කාන්තාව සමග සබඳතාවක් ඇති කරගෙන සිටි යුද හමුදා සෙබළා ද අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පදවිය පොලීසියට නියෝග කර ඇත.
එම දැරියගේ පියා දුර පළාතක රැකියාවක් කරන බව ද වාර්තා වේ.




0 comments:

Post a Comment