මහේන්ද්‍ර සින් දෝනිට වරෙන්තු ~ niruwatha

Tuesday, June 24, 2014

මහේන්ද්‍ර සින් දෝනිට වරෙන්තු

ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ආන්ද්‍රා ප්‍රදේශ්හි අධිකරණයක් නියෝග කර තිබේ.
ඒ, හින්දු භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට පීඩා කළ බවට වන චෝදනාවක් මත ය.
ඔහු‍ට අදාළ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ දෝනි අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙම නියෝගය පනවා ඇත්තේ, අනන්තපූර්හි ප්‍රාදේශීය අධිකරණයක් විසිනි.
ඒ අනුව, මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගෙන ජූලි 16 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරිණි.
ඔහු පෙනී සිටි වෙළෙඳ දැන්වීමක් සඳහා විෂ්ණු දෙවියන් “God of Big Deals” ලෙස හැඳින්වීමට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

0 comments:

Post a Comment