ජාතික බලසේනා සංවිධානයේ නායක පූජ්‍ය වටරැක විජිත හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට කොළඹ ජාතික රෝහලේ 17 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන වටරැක විජිත හිමියන්ට මානසික රෝගයක් ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා එම වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා උන්වහන්සේව මානසික විශේෂඥ වෛද්‍යවරයකුට ඊයේ දින යොමු කර තිබේ. පසුගිය 19 වනදා උන්වහන්සේ රෝහලට ඇතුලත් කරනු ලැබුවේ පැහැරගැනීමට ලක්ව තුවාල සහිතව වුවත් පසුව එය රඟපෑමක් බවට පොලිස් පරීක්ෂණ ඔස්සේ තහවුරු විය.
පානදුර හිරණ පාලම ආසන්නයේ ඉකුත් 19දා තුවාල සහිතව බිම වැටී සිටියදී උන්වහන්සේ පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබුණි.
ඒ අනූව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද රෝහලෙන් බැහැරව යාමට සුදානම් වූ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු උන්වහන්සේගේ ඥාතියෙකු විසින් හෙළි කළ තොරතුරු අනූව උන්වහන්සේ විසින්ම එම තුවාල සිදුකරගෙන ඇති ආකාරයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය 22දා මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
එහිදී ඔහු කියා සිටියේ යතුරු කැරැල්ලෙන් ශරීරයේ ඇතැම් ස්ථානවල තුවාල සිදුකරගෙන ඇති බවකි.
ඒ අනූව තමන්ට පිරිසක් පහරදී තුවාල සිදුකළ බවට පොලීසිය නොමඟ යැවීමේ චෝදනාව මත වටරැක හිමියන්ට එරෙහිව නඩු පවරන බව ද අජිත් රෝහණ මහතා පැවසීය.
කෙසේ වුවද මෙම සිද්ධියත් සමග බොදු බලසේනාවේ නම සඳහන් වූ අතර ඊට ආසන්නතම සිද්ධිය වුයේ වටරැක හිමියන් කොළඹ නිපොන් හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට ගිය අවස්ථාවේදී එම සංවිධානය මැදිහත්ව එයට බාධා පැමිණවීමය.
0 comments:
Post a Comment