අලුත්ගම ගැටුමේදී භික්ෂුන් වහන්සේ නමක් පැහැරගත් බවට තොරතුරක් ~ niruwatha

Thursday, June 19, 2014

අලුත්ගම ගැටුමේදී භික්ෂුන් වහන්සේ නමක් පැහැරගත් බවට තොරතුරක්

පසුගියදා ඇති වූ අලුත්ගම ගැටුම අතරතුරදී හඬා වැලපෙමින් පැමිණි කාන්තාවන් පිරිසක් භික්ෂුන් වහන්සේ නමක් පල්ලිය තුලට ඇදගෙන ගිය බවට තමන් වහන්සේට ප්‍රකාශ කල බවට සිංහල රාවය සංවිධානයේ සංවිධායක පුජ්‍ය යක්කලමුල්ලේ පවර හිමියන් ප්‍රකාශ කර සිටියේය.

මේ සිදුවීම සිදු වුයේ පසුගිය 15 වන දින බොදුබල සේනා සංවිධානය සහ ජාතික සංවිධාන එකමුතුව විසින් අලුත්ගම ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමකට පහරදීම සම්බන්ධව විරෝධතාවය දැක්වීම සඳහා සංවිධානය කර තිබු බොදු සමුළුව අවසන්වීමෙන් පසුව ගැටුම්කාරී තත්වයක් ඇති වූ බව දැනගත් උන් වහන්සේ තත්වය විමසා බැලීම සඳහා එම ස්ථානයට ගිය අවස්තාවීදිය.එම අවස්තාවේදී තමන්වහන්සේ සහ සින්හල රාවය ජාතික සංවිධානයේ මහා ලේකම් පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් සහ තවත් ගිහියන් කිහිපදෙනෙකු කතා බස් කරමින් සිටින ස්ථානයට හඬා වැලපෙමින් පැමිණි කාන්තාවන් පිරිසක් භික්ෂුන් වහන්සේ නමක් පහර දෙමින් දර්ගා නගරයේ පිහිටි පල්ලියක් තුලට ඇදගෙන යන බව සියසින් දුටු බවත් එම අවස්තාවේදී එම භික්ෂුන් වහන්සේ කවුරුන්ද යන්න හඳුනා ගැනීමට අපොහොසත් උන බවත් යක්කලමුල්ලේ පවර හිමියන් ඇතුළු පිරිසට ප්‍රකාශ කල බව උන් වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කළහ.පවතින කලබලකාරී තත්වය හේතුවෙන් අතුරුදහන් වූ භික්ෂුව කවුරුන්ද යන වගත් උන් වහන්සේ තවමත් ජීවතුන් අතර සිටිනවාද යන්නත් තව දුරටත් අපැහැදිලි බවත් උන් වහන්සේ ප්‍රකාශ කර සිටියහ.

0 comments:

Post a Comment