උන් වහන්සේ මේ අදහස් පල කළේ, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අද පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ය.
සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි,
ජනාධිපතිතුමා එක ඉල්ලීමක් කරනවා අද ඔබතුමා පොරොන්දු වෙච්ච පරිද්දෙන් ආණ්ඩුව ඇතුලෙන්ම එන මේ ප්‍රබල හඩට කන් දෙමින් මහ නායක හාමුදුරුවොන්ගේ අනිකුත් ආගම්වල නායකයින්ගේ ප්‍රබල හඩට කන් දෙමින් නැවත විධායක ජනධිපති මැතිවරණයක් තියන්න එපා. තුනෙන් දෙකේ බලයක් තියෙනවා ඒ නිසා අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තුන්වෙනි සැරේට මේක කරනවා කියලා .ඒක කියන්න එපා ඔබතුමාගේ බලය පාවිච්චි කරන්න තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරලා මහා මැතිවරණයකට යන්න. ජනාධිපතිතුමා නොකරනවානම් සියලු පක්ෂවලට අපි ආරාධනා කරනවා මේ සඳහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ජනාධිපති මැතිවරණයට .ඒ ඉදිරිපත් කරන අපේක්ෂකයා ජනාධිපති ක්‍රමය තියාගන්න නෙවෙයි ජනාධිපතික්‍රමය අහෝසි කරන්න එන ජනාධිපතිධිරයෙක් ඒ තෝරා ගැනීමේදී සියලු දෙනාම ඒ තෝරා ගන්නේ මමද වෙන කෙ.නෙක්ද කියලා අපි දන්නේ නැහැ.බැරිවෙලාවත් සියලු දෙනාම කියනවානම් ඔබ වහන්සේ මේක ඇවිල්ලා ජනාධිපතික්‍රමය අහෝසි කරන්න කියලා ඒ කත් මම පිළිගන්නවා .එහෙම නැත්නම් සියලු පක්ෂ විසින් වෙන සුදුස්සෙක් තෝරා ගන්නවානම් ඒ සුදුස්සාට අපි පූර්ණ සහයේගය දෙනවා
0 comments:
Post a Comment