ඇමෙරිකාවේ LIfetime නාලිකාව මගින් රියලිටි ටෙලිවිෂන් කලාවේ ආන්දෝලනාත්මක පියවරක් තබා ඇත. ඒ තරුණ ගැබිණි මව්වරුන්ට කැලෑවකදී වෛද්‍ය සහය නොමැතිව දරුවෙකු ප්‍රසූත කිරීම සජීවීව රූපවාහිනී වැඩසටහනක් ලෙස විකාශය කිරීම මගිනි. මෙම වැඩසටහන නම් කොට ඇත්තේ "Born in the Wild" හෙවත් කැලෑවේ උපත ලෙසය.
මෙම වැඩසටහනේ වැඩසටහන් ප්‍රධානී එලී ලෙරර් මෙම වැඩසටහන සම්බන්ධව පවසන්නේ මෙවැන්නකි.
"මේක වෙන කිසිම නාලිකාවකින් කරපු දෙයක් නෙවෙයි...අපි කරන්නේ තරුණ ගැබිණි මව්වරුන් කැලේට දාලා ආපහු දරුවත් එක්කම එන්න කියන එක...හැමෝටම දරුවෝ ඉන්නවා..ඒ යට බබාලා හම්බ වෙන්නේ රෝහලේදී බව ඇත්ත...එත් ඊට වෙනස්ව දුෂ්කරතා මධ්‍යයේ වෙනස්ම අත්දැකීමක් ලබාගන්න කැමති පිරිසකට තමා මේ රියලිටි වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ.."
කාන්තාවක් කිසිම වෛද්‍ය හෝ හෙද සහයක් නොමැතිව දරුවෙකු ප්‍රසූත කිරීම යනු විශාල අවධානම් සහිත ක්‍රියාවක් වන අතර එමගින් මවගේ සහ දරුවාගේ ජීවිත දෙකම අනතුරේ හෙළීමක්ද වේ. එහෙයින් මෙම වැඩසටහන පිළිබඳව බොහෝ පිරිස් දැනටම සිය විරෝධය පලකොට ඇත.
එම වැඩසටහනේ ජායාරූප පෙළක් පහතින් බලන්න
0 comments:
Post a Comment