පොසොන් සමය තුළදී හැකිනම් සිසිල් බීම දන්සල් පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. එහි උපලේකම් සී.එස්.මුතුකුඩ කියා සිටියේ දන්සල් පවත්වන්නේ නම් ඒ සඳහා උණුකරන ලද සහ නිසි පරිදි ක්ලෝරීන්කරණය කරන ලද ජලය අනිවාර්යයෙන් භාවිතා කරන ලෙසයි. මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බෝ වන රෝග පැතිරයාමේ ප‍්‍රවණතාවයක් පවතින බව ද ඔහු කියා සිටියා. එමෙන්ම, පොසොන් සමයේ පැවැත්වීමට සූදානම් කර ඇති සියලූම දන්සල් ඒ ඒ පළාත්වල පිහිටි නගර සභාවල සහ ප‍්‍රාදේශීය සභාවල ලියාපදිංචි කරන ලෙස ද ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපලේකම් සී.එස්.මුතුකුඩ ඉල්ලීමක් කළා.
පසුගිය වෙසක් සමයේ දිවයින පුරා දන්සැල් 4648 ක් පවත්වන බවට සංවිධායකයින් පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කර තිබුණත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දන්සල් 7181 ක් පරීක්ෂා කර තිබෙනවා. ඉන් දන්සල් 4 ක් අත්හිටුවීමටත් තවත් දන්සල් 148 ක් අඩුපාඩු සකස් කිරීමෙන් පසුව පවත්වාගෙන යන්නටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවසර ලබාදුන් බවයි එම සංගමයේ උපලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
7:50 PM
Unknown

0 comments:
Post a Comment