ඉන්දියාවේ දිගින් දිගටම වෙන ස්ත්‍රී දුෂණ වලට හේතුව සොයා ගනී. ~ niruwatha

Wednesday, June 4, 2014

ඉන්දියාවේ දිගින් දිගටම වෙන ස්ත්‍රී දුෂණ වලට හේතුව සොයා ගනී.

තරුණ කෙල්ලන් හා කාන්තාවන් සිය ශරීර කටයුතු ඉටුකර ගැනීම සඳහා රාත්‍රි කාලයේ තනිවම එළියට බැසීම ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ වැඩිවීමට හේතුවී තිබෙන බවත් එරට බිලියන 1.2 ක ජනතාවගෙන් අඩකට පමණම වැසිකිලි පහසුකම් නොමැති නිසා මේ ආකාරයෙන් රාත්‍රි කාලයේදී එළියට යාමට සිදුවී තිබෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
රාත්‍රී කාලයේ දඩාවතේ යන කල්ලිවල ග්‍රහණයට මෙම තරුණ කාන්තාවන් ගොදුරුවීම ඛේදවාචකයක් යැයි මේ පිළිබඳව පරීක්ෂණ සිදුකර තිබෙන ආයතන පවසා තිබේ.
මෙම ඛේදවාචකයේ ආසන්නතම ගොදුරු බවට ඉන්දියාවේ කට්‍රා ගම්මානයේ අවුරුදු 12 ක හා 14 ළදැරියන් දෙදෙනෙකු පත්වූ අතර කල්ලියක් විසින් ඔවුන්ව සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර අඹ ගසක එල්ලා ගොස් තිබුණි.
මෙම ගම්මානයේ වාසය කරන ශ්‍රී දේවි නැමති තරුණිය පවසා තිබෙන්නේ සිය ගම්මානයේ බොහෝ දෙනෙකුට වැසිකිළි පහසුකම් නොමැති නිසා රාත්‍රී කාලයේදී බොහෝ අවස්ථා වලදී කාන්තාවන් අතවරයට ලක්වන බවයි.
සෑම නිවසක් වෙනුවෙන්ම වැසිකිලියක් යන සංකල්පය මහා ජනවරමකින් පසුගියදා අගමැතිවරයා බවට පත්වූ නරේන්ද්‍ර සිං මෝඩි ඉස්මතු කර තිබෙන අතර ඔහුගේ ජයග්‍රහණයට එම පොරොන්දුවද ප්‍රබල හේතුවක් වූ බව සඳහන්ය.
වාර්තා වන ආකාරයට ලෝකයේ වැඩිම පිරිසකට වැසිකිළි පහසුකම් නොමැති රට වන්නේ ඉන්දියාවයි.
2012 දී නිකුත් කළ WaterAid නැමති වාර්තාවේ දැක්වෙන ආකාරයට බෝපාල් හි, කාන්තාවන් දස දෙනෙකුගෙන් 09 දෙනෙකුම ශරීර කටයුතු කර ගැනීමට නිවසින් පිටතට යාමේදී අතවරයට ලක්වේ.
ආර්ථික විද්‍යාඥයෙකු වන ෂයිබල් ගුප්තා සඳහන් කර තිබෙන්නේ කාන්තාවන් වගාබිම් වලට යාමේදී ඔවුන්ව ඉතාමත් පහසුවෙන් ගොදුරු කර ගැනීමට සල්ලාලයින්ට හැකිවී තිබෙන බවයි.
ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකය බවට පත්ව තිබෙන ඉන්දියාව ලෝකයේ වැඩිම බිලියන පතියන් සිටින රටක් ලෙසද සැලකේ.



2 comments:

Anonymous said...

Russia has the most billioners not india

Anonymous said...

Jayalalitha, Lankawa gana hoyanne nathuwa Indiyawe kattiyata Toilet tikak hadala dunnanam hondai neda???

Post a Comment