බොදුබල සේනා සංවිධානයට එරෙහිව පවරා තිබුණු නඩු දෙකක අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් සමගින් පෙනී සිටි තමාට ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අධිකරණ භූමිය තුළදීම තර්ජනය කළ බව හිටපු පළාත් සභා මන්ත්‍රී, නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
අද (09) කොටුව, මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති නඩුවකට පෙනී සිටීමෙන් පසු මෙම තත්ත්වවයට මුහුණදෙන්නට සිදුවුණු බවත්, ඥානසාර හිමියන් තමාට‘බල්ලො‘යනුවෙන් ආමන්ත්‍රණය කළ බවත් ගුණරත්න මහතා කියා සිටියේය.
තමන් ඒ පිළිබඳ ඒ මොහොතේම ගරු අධිකරණය දැනුවත් කළ බවත්, ඉන්පසු මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳ තමාගෙන් ප්රකාශයටක් සටහන් කරගෙන ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට නියෝග කළ බවත් ඔහු සඳහන් කළේය.
තමන් අද පැවති නඩු විභාගයේදී ස්වාමින් වහන්සේලා විසින් නීතිය අතට ගැනීම ඉදිරි කාලයේදී සමස්ත අධිකරණ ක්‍රියාවලියටම බලපාන බවට කරුණු දැක්වූ බවත්, එසේ කියා මිනිත්තු 15-20 ක් යන්නටත් මත්තෙන් එකී කරුණු තහවුරු කරමින් තමාට අධිකරණ භූමියේදීම තර්ජනයට ලක්වන්නට සිදුවුණු බවත් ගුණරත්න මහතා පෙන්වා දුන්නේය.
මේ රටේ නීතිඥවරයෙකුට මෙන්ම ඕනෑම වෘත්තිකයෙකුට තමන්ගේ වෘත්තිය නිදහසේ කරගෙන යාමට හැකියාව පැවතිය යුතු වුවත්, එසේ නොවීම ඉතාම භයානක තත්ත්වයක් බවත් ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත් මෙම චෝදනා පිළිබඳ අද දෙරණ කළ විමසීමකදී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ මෛත්‍රී ගුණරත්න මහතා නඟන චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.
ඕනෑම නීතිඥ මහත්මයෙකුට නඩුවක ඕනෑම පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටීමේ සාධාරණ අයිතියක් පවත්නා බවත්,එය මෛත්‍රී ගුණරත්න මහතාටත් අදාළ බවත්, එතුමන් තමන් ගරුකරන පුද්ගලයෙකු බවත් උන්වහන්සේ සඳහන් කළේය.
කිසියම් දොසක් කෙනෙකුට කියන්නේනම් එය මූණටම කියන බවත්, අද දිනයේ අධිකරණයට මෛත්‍රී ගුණරත්න මහතාද පැමිණ සිටි බවත්,එවැන්නක් සිදුනොවුණු බවත් ඥානසාර හිමියන් කියා සිටියේය.
තමන් කිසියම් කාරණයක් පිළිබඳ කතා කරමින් සිටියදී ‘බල්ලා‘ යයි කාට හෝ කියූ බව මතකයේ ඇතත්, බල්ලා යයි ආමන්ත්‍රණය කරමින් කියන්නට ඇත්තේ බලු කතාවක් වන බැවින් ‘බලු කතාවක්‘මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඈදාගන්නේ මන්ද යන්න තමාට ගැටළුවක් ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් අද දිනයේ පැවති නඩුවේ පැමිණිලිකාර පාර්ශවය වූ ජාතික බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් කියා සිටියේ පසුගිය දිනෙක තම සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට බොදුබල මහලේකම් හිමියන් කඩාපැන තර්ජනය කිරීමට අදාළව මෙම නඩු පවරා තිබුණු බවයි.
එදින සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ මාධ්‍ය විසින් අනාවරණය කෙරුණු බවත් , වැරැද්ද කාගේද යන්න පිළිබඳ ලෝකයම දන්නා වුවත් තමන් අධිකරණ තීන්දුවට හිස නමන බවත් විජිත හිමියන් සඳහන් කළේය.
අද දවසේත් ඥානසාර හිමියන් උසාවි භූමියේදී නීතිඥවරයෙකුට බැණ වැදුණු බව දැනගන්නට ලැබුණු බවත්, මෙවැනි උදවියට උසාවි,පොලිසි,අමාත්‍යංශ ආදී කිසිවක් ගණන් නොගෙන ඒවාට කඩාවැදී කුණු හරුපයෙන් බැණ තර්ජනය කරමින් බුද්ධ ශාසනයටත්, සිංහල ජාතියටත් කරන විනාශය ඉතා බරපතළ බවත් වටරැක විජිත හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.
2 comments:
wijitha himiyan karana winasaya eeta wada darunuyi
Dan etakota me rate neetheechnayantai anik wurthikayantai weda karanna denne neththe hamuduruwaru. Dan etakota rajaya umbalata hari widihata weda karagena yanna denawada nari maithri gunarathne yo. Thopita salli hambenawanam isthri dushakayan, minimaruwan unath wenuwen peni sitina un. Neethiya atata ganeema kawuru karath waradi. Habai umbala wage awajatakayinta balla newe kiyanna one.
Post a Comment