ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් රංගිරි දඹුලු රජමහ විහාරය සමඟ ගැටුම් ඇතිකරගත්තේ වරක් දෙවරක් නොවේ.
ඉඩම් ඇමති ලෙස කටයුතු කරන ඔහු වරක් ඔහු දඹුලු විහාරයට අයත් ඉඩමක් හොර ඔප්පුවකින් තමා සන්තක කරගන එහි කාර්යාලයක්ද පිහිටුවාගෙන තිබුණි.
කෙසේ වෙතත් පසුගියදා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මාහිමියන් විසින් හෙළිකර තිබුණේ එම ප්‍රදේශයේම එක්තරා දේශපාලඥයෙකු විසින් රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරස්ථානයේ ස්වර්ණාලේපිත බුද්ධ ප්‍රතිමාව ඉවත් කළ යුතු බවට ප්‍රංශයේ පිහිටි යුනෙස්කෝ සංවිධානයට ලිපියක් ලියා ඇති බවයි.
මේ අතර සති අන්ත පුවත්පතක් සමඟ කළ සාකච්ජාවකින් එම දේශපාලඥයා තමන් බවට ජනක බණ්ඩාර පිළිගෙන තිබේ.
එම සාකච්ජාව පහතින්.
රංගිරි දඹුලු විහාරය ලෝක උරුමයෙන් ඉවත් කරන්න කියලා යුනෙස්කෝවට දැන්නුවේ ඔබයි කියලා චෝදනාවක් තියනවා
රන්ගිරි දඹුලු විහාරයට ගිහිල්ලා බලන්න වෙලා තියන දේ පෙනේවි. ඓතිහාසික බවක් දැන් පෙනෙන්නේ නැහැ. දැන් ඒක වෙළඳ මධ්‍යස්ථානයක්. ලෝක උරුමයක් කියන්නේ ලෝකයට උරුමවූ දායාදයකට.
ඔබ යුනෙස්කෝවට දැන්නුවද?
මම ප්‍රංශ තානාපතිට ලියුමක් යැව්වා පුරාවිද්‍යා මධ්‍යස්ථායක් වශයෙන් රංගිරි දඹුලු විහාරය පවතිනවාද කියලා සොයා බලන්න කියලා. ලෝක උරුමයක් වශයෙන් රැකීම විනාශ වෙනවා නම් ඒක දැන්වීම මගේ යුතුකමක්.
ඔබ යැවූ ලිපිය මාධ්‍යයට අනාවරණය වුනේ කොහොමද?
ඒ තානාපතිවරයා ඔහුගේ වගකීමෙන් බැහැරව ලිපිය පෙන්වා තිබෙනවා. ඒ ගැන මා විදේශ අමාත්‍යාංශයටත් පැමිණිලි කළා.
2 comments:
අඩෝ බන්ඩෝ , මේක උබේ අම්මගේ දෙපලක්ද?
Hora oppu hadagena pansale idam ayithi karaganna tho kauda paharayo... Thota hena hata wadinawa yako me karana dewal walata
Post a Comment