Wednesday, June 25, 2014
වටරැක විජිත හිමි කළා වගේ වැඩක් ප්‍රංශයේත් වෙලා
ප්‍රංශයේ අවුරුදු 12ක් වයසැති පිරිමි දරුවෙකු දන්ත වෛද්‍ය වරයා ලඟට යාමට ඇති බිය නිසා තමාව පැහැරගෙන ගිය ව්‍යාජ කතාවක් පොලිසියට පවසා තිබේ.සැක කටයුතු ලෙස සඟරාවේ සිටින මෙම ළමයා දුටු පොලිසිය ඒ ගැන ඔහුගෙන් විමසා තිබේ.එයට පිළිතුරු වශයෙන් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ යුරෝපීය පෙනුමක් ඇති අවුරුදු තිස් ගණනක් පමණ වයසැති වැදුණු අයෝමය සිරුරක් සහිත අඩි 5 හමාරක් පමණ උසකින් හෙබි අයෙකු තමාව පැහැරගෙන යමින් සිට ඇති බවයි.මෙම පුද්ගලයාගේ පමාවක් බලා සෙන්ට් ග්ර්වියස් වලදී රථයෙන් පැනගත් බව ඔහු කීවේය.අදාළ පුද්ගලයා හැද සිටි ඇදුමේ වර්ණය ,වාහනයේ හැඩරුව වැනි දා අකුරක් නෑර මේ ළමයා පොලිසියට පවසා තිබේ.නමුත් එම කාලසීමාවේ අදාළ ප්‍රදේශයේ පොලිස් ආරක්ෂක කැමරා නිරීක්ෂණය කිරීමෙන් පසුව පොලිසිය මෙම සිද්දිය බොරුවට ගොතන ලද්දක් බව වටහාගෙන තිබිණි.දිදින් දිගටම සිදු කරන ප්‍රශ්න කිරීම් හමුවේ දන්ත වෛද්‍ය වරයා වෙත යාමට ඇති බිය නිසා මෙවැනි කතාවක් ගෙතු බව ප්‍රකාශ කර තිබේ.
2:29 AM
Unknown
.jpg)

0 comments:
Post a Comment