L.T.T.E ය සල්ලි එකතු කරන අලුත්ම ක්‍රමය. (විවාහා අපේක්‍ෂිකාවන්ට විශේෂයි) ~ niruwatha

Wednesday, June 25, 2014

L.T.T.E ය සල්ලි එකතු කරන අලුත්ම ක්‍රමය. (විවාහා අපේක්‍ෂිකාවන්ට විශේෂයි)

පුවත්පතක හෝ වබේ අඩවියක මංගල යෝජනාවක් පළ කිරීමෙන් විශාල පිරිසකට ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබි තිබේ. එනිසා අද වන විට එය ඉහළ ජනප්‍රියත්වයක් ලබා ඇත. මේ නිසා දිනෙන් දින එම දැන්වීම් ප්‍රමාණය ද ඉහළ නගිමින් පවතී. එහෙත් මෙම දැන්වීම් තුළින් ඇතැම් පිරිස් ඉතා උපක්‍රමශීලීව කාන්තා පාර්ශ්වය ඉලක්ක කර ගනිමින් විශාල වංචනික කටයුතුවල ද නිරත වෙති.
එය පිළියන්දල ප්‍රදේශයේ මංගල සේවා ආයතනයකි. එහි වබේ අඩවියක පළකරන ලද මංගල දැන්වීමක තොරතුරුවලට අනුව වැලිගම මිරිස්ස ප්‍රදේශයේ තරුණියක සමග මැ‍ලේසියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකු සබඳතාවක් ගොඩනගා ගත්තේය. ඒ අන්තර්ජාල ස්කයිප් යොමුව සහ දුරකථන මගිනි. තමන් එරට ඉහළ පෙළේ රැකියාවක නියුතු අතර සැලකිය යුතු ධනයක හිමිකරුවකු බවද හෙතෙම එම තරුණියට කීය. 
කෙසේ හෝ කෙටි කලක් තුළ ස්කයිප් සහ දුරකථන මාර්ගයෙන් දෙදෙනා අතර ආදර සබඳතාවයක් ඇති විණි. ඉන්පසු එම තරුණිය විවාහ කර ගන්නා බවට ද ඔහු ‍පොරොන්දු වී තිබේ. ඒ අනුව තමන් ළඟදීම ලංකාවට පැමිණෙන බැවින් ඉක්මනින් විවාහ මංගල්‍යය ගත යුතු බව පැවැසූ ඔහු උත්සවය පැවැත්වීමට සුදුසු හෝටලය සම්බන්ධව ද තරුණිය සමග කතා කරනුයේ මහත් උදේ‍යාගයකිනි. 
තවද විවාහ මංගල්‍යය වෙනුවෙන් ඇයට අවශ්‍ය රන් භාණ්ඩ සාරි ඇතුළු අනෙකුත් බඩු භාණ්ඩ සම්බන්ධ ඡායාරූප එවා ඒවායින් කැමති දේවල් පවසන ලෙස ඇගෙන් ඉල්ලා ඇත්තේ ඇගේ සිත තුළ ද දහසකුත් එකක් පැතුම් පුබුදුවාලමිනි.මේ අතරතුර තමන් ලංකාවට තෑගි පාර්සලයක් එවා ඇති බවත් එය රේගුවෙන් නිදහස් කර ගන්නා ලෙස ඔහු ඇයට දන්වා සිටිනුයේ එම භාණ්ඩ ලබා ගැනීමට අදාළ කුවිතාන්සි ද ඇය වෙත එවමිනි. එම භාණ්ඩ රේගුවෙන් මුදා හැරීමට රුපියල් හාරලක්ෂ හැත්තෑඅට දහස් හයසිය විස්සක මුදලක් අවශ්‍ය බව පවසා එම මුදල් බැර කළ යුතු ගිණුම් අංකයක් ද ඔහු තරුණියට එවීය. එම මුදලට හිලව් වශයෙන් එම පාර්සලය තුළ ඩොලර් නෝට්ටු සහිත කවරයක් ද ඇති බවත් එම මුදල් මාරු කර ගන්නා ලෙසත් ඔහු ඇයට කීය. 
මඳ කලක් ඇසුරු කළ මෙම පුද්ගලයා පිළිබඳව තරුණියගේ සිත තුළ කිසිදු සැකයක් නොතිබිණ. ඔහු කී මුදල ඒ ගිණුම් අංකයට බැර කරන්නට කටයුතු  කළේ එබැවිනි.   තම ජංගම දුරකථනයෙහි මුදල් නොමැති විට ද රුපියල් හත් අට දහස ඒ සඳහා බැර කරන්නට ද පෙළඹුණු ඔහු සොරෙකු වන්නේ කෙසේද?
එහෙත් මෙම මුදල් බැර කිරීමත් සමග සියල්ල වෙනස් වනුයේ තමන් දෙව්ලොවින් නරකාදියට ඇදවැටුණු අයුරක් එම තරුණියට කමෛන් වැටහෙන අතරේය. තමන් මතෛක් කල් පෙම් කුමරෙකු ලෙස රැවටී ඇත්තේ පට්ටපල් හොරෙකුට නොවේදැයි ඇය කම්පාවූ සිතින් යුතුව සිතන්නට වූවාය. එබැවින් තමන්ට සිදු වූ මෙම අසාධාරණය හමුවේ නිහඩව නොසිටිය යුතුයැයි සිතූ ඇය පසුගිය මැයි 21 දා මේ සම්බන්ධයෙන් ‍පොලීසියට පැමිණිලි කළාය.
ඒ අනුව මාතර කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ඒ පිළිබඳ මූලික විමර්ශන අරඹන ලදී.ඒ අනුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට මෙම සිද්ධියට අදාළ පුද්ගලික ඔත්තුකරුවන් ලබා දුන් තොරතුරු, බැංකු ගිණුම් වාර්තා සහ හඳුනාගත් දුරකථන ජාල ඔස්සේ අනාවරණය කරගත් කරුණු පදනම් කර ගෙන සිදුකළ විමර්ශන මගින් ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිණි. 
එක් සැකකරුවකු සේරුනුවර, ඊචලම්පත්තු පූනගර් පදිංචි අවුරුදු තිස් පහක පුද්ගලයෙකි. අනෙක් සැකකරු කන්ත‍ලේ සමගි මාවතේ පදිංචි අවුරුදු විසිපහක පුද්ගලයෙකි. මෙම දෙදෙනාම ද්‍රවිඩ ජාතිකයෝය. මෙම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙය කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් සංවිධානාත්මකව සිදුකර ඇති වංචාවක් බව හෙළි වී තිබේ.
පුවත්පත් සහ අන්තර්ජාල මංගල යෝජනා මගින් තරුණියන්ගේ සිත් දිනා ගත් පසු විවාහ ‍පොරොන්දු ලබා දී ඔවුන්ගේ මුදල් වංචනික හා සංවිධානාත්මක ලෙස මෙරට අයවලුන්ගේ බැංකු ගිණුම්වලට බැරකරවා ගනිමින් පසුව එම මුදල් මැ‍ලේසියාවේ ගිණුම් වෙත බැර කරවා ගෙන ඇත. මෙම කල්ලියේ ප්‍රධාන සැකකරුවන් තිදෙනා මැ‍ලේසියාවේ පදිංචිව සිටින අතර ඊට යුවළක් ද ඇතුළත්ය.දැනට ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මෙරට තම බැංකු ගිණුම්වලට මුදල් බැර කරවාගෙන අනතුරුව මැ‍ලේසියාවේ සිටින ප්‍රධාන සැකකරුවන්ගේ ගිණුමට බැර කිරීමට කටයුතු කළ දෙදෙනාය.
මෙම සැකකරුවන් මේ ආකාරයට 2010 වසරේ සිටම ලංකාවේ තරුණ තරුණියන් මුලා කරමින් රුපියල් ලක්ෂ අසූවකට වඩා මුදල් වංචා කර ඇති බවට බැංකු ගිණුම් තොරතුරුවලින් අනාවරණය වී තිබේ.
තවදුරටත් සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් පළමු සැකකරු 2007 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පුහුණුව ලබා දුන් මහජන ආරක්ෂක බළකායේ සාමාජිකයෙකුව සිටි බවටත් ඔහුගේ වැඩිමහල් සොහොයුරු ද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කර ඇති බවත් පුනරුත්ථාපනය වීමෙන් පසු නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට පැන ගිය අයකු බවත් අනාවරණය වී තිබේ.
දවෛනි සැකකරු මැ‍ලේසියාවේ වීසා නොමැතිව රැඳී සිටීමෙන් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද පුද්ගලයෙකු වන අතර රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදලක් 2014 වසරේදී ඉහත ක්‍රමයටම තරුණියකගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළව කඳාන ‍පොලීසිය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අනුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නඩුවකට අවශ්‍ය සැකකරුවකු බවද අනාවරණය වේ.
තවදුරටත් සිදුකළ විමර්ශනවලදී මෙම ප්‍රධාන සැකකරුවන් විසින් ඉහත පරිදි වංචනිකව උපයා ගන්නා මුදල් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රතිසංවිධානයට අවශ්‍ය අරමුදල් තර කර ගැනීමට යොදවන බවටද තොරතුරු අනාවරණය වේ.
මේ අනුව ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා මාස තුනක රඳවා ගැනීමේ නියෝගයක් මත රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කටයුතු යොදා ඇත. විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කිරීමෙන් පසුව ජාත්‍යන්තර ‍පොලීසිය මගින් දැනට මැ‍ලේසියාවේ සිටින සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන හා වරෙන්තු නිකුත් කර ඇත.
 අත්අඩංගුවේ සිටින සැකකරුවන් දෙදෙනා ජුනි 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු යොදා ඇත.
දකුණු පළාත් භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත මාතර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම මත මාතර කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපති ‍පො.ප. භාතිය ජයසිංහ විජේවර්ධන, ‍පො.සැ.55988 ඉඳුනිල්, 55810 වසන්ත, 19756 සුගතදාස, ‍පො.කො. 55837 අබේසිංහ, 146 කුමාර, 76844 රංග, 56429 සරත්, 13419 ආරියවංශ, 59090 වීරරත්න,
කා.‍පො.සැ. 5264 දීපා යන නිලධාරීන් මෙම වැටලීම සිදුකොට තිබුණි.

0 comments:

Post a Comment