පළාත් සභා මන්තී‍්‍රවරයාගේ කොළඹ - මාලිගාවත්තේ පිහිටි කාර්යාලයේ සිට තමන් මේ සඳහා පිටත්ව ගිය බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට ප‍්‍රකාශ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (25) දහවල් පැමිණි පළාත් සභා මන්ත‍්‍රී මුජිබර් රහුමාන්ගෙන් පැය 5 කට ආසන්න කාලයක් එහි නිලධාරීන් ප‍්‍රශ්න කර තිබෙනවා. ඉන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වූ පළාත් සභා මන්ත‍්‍රී මුජිබර් රහුමාන්.
එහිදී හිරු වාර්තාකරු නෝලිමිට් සිද්ධියට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ අනෙකුත් ප‍්‍රශ්න කිරීම් සම්බන්ධයෙන්ද මන්තී‍්‍රවරයාගෙන් විමසීමක් කළා. ‘‘එතන හිටපු නිලධාරී මහත්වරුන් නම් කිව්වේ මගේ කාර්යාලය අවට ඉඳන් ගියා කියලා. කාර්යාලයේ ඉඳන් කියලා කිව්වේ නැහැ. දැන් නෝලිමිට් ආයතනය වහන්න කියපු ඒ කාරණාවද අද ලොකු වෙලා තියෙන්නේ. දැන් මතු කරන්නේ නෝලිමිට් ආයතනය වහන්න කියපු එකයි.’’
0 comments:
Post a Comment