ජපානය, ප්රවෘත්ති නිවේදක නිවේදිකාවන්ගේ රැකියා අහිමි කරවනසුලු විස්මයජනක නිර්මාණයක් ඉදිරිපත් කර තිබේ.
ඒ, ප්රවෘත්ති නිවේදක රොබෝවරුන් නිෂ්පාදනය කිරීම යි.
මෙම නිර්මාණ සඳහා දායක වූ ඔසාකා විශ්වවිද්‍යාලයේ රොබෝ තාක්ෂණය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය හිරෝෂි ඉෂිගුරෝ පවසන්නේ, රොබෝවරුන් මිනිසුන්ට සහය වීම සඳහා නිර්මාණය කිරීම මෙහි අරමුණ බව ය.
ගැහැණු සහ පිරිමි යන දෙවර්ගයේ ම රොබෝවරුන් නිර්මාණය කර ඇති අතර ඔවුන්ට වචන ලිස්සා යාමකින් හෝ වරදවා උච්චාරණය කිරීමකින් තොරව ප්රවෘත්ති ඉදිරිපත් කිරීමට හැකි වීම විශේෂත්වයකි.
මෙම විශේෂත්වය නිසා සාමාන්‍ය ප්රවෘත්ති නිවේදක නිවේදිකාවන්ට රොබෝ නිවේදකයින්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වී තිබේ.
0 comments:
Post a Comment