Facebook නිසා තායිලන්ත රූ රැජිණගේ කිරුළ ගැලවෙයි (VIDEO) ~ niruwatha

Tuesday, June 10, 2014

Facebook නිසා තායිලන්ත රූ රැජිණගේ කිරුළ ගැලවෙයි (VIDEO)

විශ්ව රූ රැජිණ තරගය සඳහා තායිලන්තය නියෝජනය කිරීමේ භාග්‍යය ලත් තායිලන්තයේ මේ වසරේ රූ රැජිණ වෙලුරී දිත්සායාබුට් සිය කිරුළ අත්හැර තිබේ.
ඒ, එරට දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ඇය පළ කළ මතභේදාත්මක ප්‍රකාශයක් සමගින් මතුවූ දැඩි විරෝධය හේතුවෙනි.
ඇය මීට මාස කිහිපයකට පෙර Facebook වෙබ් අඩවිය ඔස්සේ සඳහන් කර තිබුණේ, “යක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් එල්ලා මැරිය යුතු” බව ය. (“I am so angry at all these evil activists. They should be executed, You’re wicked – you won’t die peacefully in your beds”)
මෙම ප්‍රකාශයට ෆේස්බුක් භාවිත කරන්නන් මෙන් ම දේශපාලන ක්‍රියාකාරීන් ද දැඩි විරෝධය පළ කර තිබිණි.
ඊට අමතරව, ඔවුන්ගෙන් එල්ල වුණු විරෝධය හමුවේ තායිලන්තයේ රූ රැජිණ දැඩි පිඩනයකට ලක් විය.
ඇයට එරෙහිව විරෝධය පළ කළ පිරිස් අවධාරණය කළේ, රූ රැජිණක් සාමය පිළිබඳව මිස එල්ලා මැරීම් පිළිබඳව කතා නොකළ යුතු බව ය.
ඇය තායිලන්තය නියෝජනය කරමින් විශ්ව රූ රැජිණ තරගයට සහභාගි නොවිය යුතු බවට ද ඔවුහු බල කර සිටියහ.
මෙම පීඩනය මත ඊයේ කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කඳුළු සලමින් ඇය සඳහන් කළේ, සිය මවට පීඩනයක් නොදිය හැකි හෙයින් තමන් තායිලන්ත රූ රැජිණ කිරුළ අත්හරින බව ය.
ඇය එම ප්‍රකාශය කළ අවස්ථාව ඉතාමත් හැඟුම්බර සංවේදී අවස්ථාවක් විය.
මේ වසරේ තායිලන්තයේ රූ රැජිණ වෙලුරී දිත්සායාබුට් කිරුළ පැළඳි මොහොත පහත දැක්වේ.

0 comments:

Post a Comment