අලුත්ගම, දර්ගා නගරයේ පසුගියදා ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් හානියට පත් නිවාස යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණු වැඩසටහනක් ඊයේ පස්වරුවේ කළුතරදී පැවැත්විය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න, ආරක්ෂක සේනා බටහිර ආඥාපති මේජර් ජෙනරල් උභය මැදවල ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා
තමුන්නාන්සේලාට වෙච්ච දේ ගැන අපි වරින්වර අපි ඒක ගැන හඬා වැලපෙනවා. අපි හදවත්වලින් හඬා වැලපෙනවා. මේක වේදනාව වැඩියෙන්ම මම මොකද මම මේක ලස්සනට තියාගෙන හිටියා මේ ආසනේ. මට දකිද්දි මට හිතුනේ මම ලස්සන ලස්සන වීදුරු භාජනයක් මම හැදුවා. ඒ හදපු වීදුරු භාජනේ කාලකන්නි ටිකක් ඇවිල්ලා බිම දාලා කුඩුකරලා දැම්මා. දැං මම ආපහු මුල ඉඳලා ඒ ටික හදන්නට ඕනේ. තමුන්නාන්සේලාට වෙච්ච දේ ගැන මම සමාව ඉල්ලනවා පළාතේ මන්ත්‍රීවරයා විදිහට, තමුන්නාන්සේලාගේ මහජන සේවකයා විදිහට.
ආරක්ෂක සේනා බටහිර ආඥාපති මේජර් ජෙනරල් උභය මැදවල මහතා
අද සිට අපි ක්‍රියාත්මක වූ මේ වැඩපිළිවෙළට අතිගරු ජනාධිපතිතුමාගේත් රාජ්‍ය නිලධාරීන්ගේත් ගරු අමාත්‍යතුමාගේත් සහයෝගය මධ්‍යයේ ඒ අවශ්‍ය ඇස්තමේන්තු මුදල් ප්‍රමාණයන් මූලිකව වෙන්කර ගැනීමට අපිට හැකියාව ලැබුණා. යුධ හමුදාව මූලික කොටගෙන ත්‍රිවිධ හමුදාව විසින් ඔබලාගේ නිවාස සහ වෙළෙඳ සංකීර්ණ නැවත ගොඩනැගීමට අපිට අවකාශ ලැබුණා. මේ සඳහා යුධ හමුදාවත් ගුවන් හමුදාවත් නාවික හමුදාවත් ඒකරාශීව විශේෂ සංවිධානයක් ගොඩනැගුවා.මේ සංවිධානය තුළින් තමයි ඔබලාගේ නිවාස අලුත්වැඩියා කිරීමට ආරම්භ කරන්නේ.
0 comments:
Post a Comment