තරඟාවලියම පරාජය වුනු එංගලන්තයට ෂේන් වොන් ගෙන් කනේ පාරක් ~ niruwatha

Friday, June 27, 2014

තරඟාවලියම පරාජය වුනු එංගලන්තයට ෂේන් වොන් ගෙන් කනේ පාරක්

ඇලෙස්ටයාර් කුක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් විය යුතු බව ඔස්ට්‍රේලියාවේ හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ  ෂේන් වෝන් පවසයි.
ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය පරාජය වීම හේතුවෙනි.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එංගලන්තය ලකුණු 100කින් පරාජයට පත් විය.
එහිදී ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 160ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් එංගලන්තයට ලකුණු 350ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දීමට ද සමත් විය.
තමන්ගේ වසර 25ක ජාත්‍යන්තර අත්දැකීම් තුළ තමන් දුටු ඉතා නරකම නායකත්වය පසුගිය සඳුදා හිඩින්ලී ක්‍රීඩාංගණයේදී දැකගත හැකි වූ බව ෂේන් වෝන් පවසයි.
මේ අතර ෂේන් වෝන් විසින් ඇලෙස්ටයාර් කුක්ට විකල්ප 3ක් පෙන්වා දෙනු ලැබ ති‍බේ.
01. යම්කිසි හාස්කමකින් හෝ ඇලෙස්ටයාර් කුක්ගේ මොළය පෑදෙන තුරු ඔළුව වැලි යට සඟවාගෙන සිටීම.
02. නායකත්වය අත්හැර පිතිකරණයට අවධානයක් යොමු කළ යුතුයි.
03 ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී සිටිය යුතුයි.

මීට අමතරව ෂේන් වොන් එංගලන්තයට අපුරු සරදමක් එල්ල කර තිබේ.ඒ twitter වෙබ් අඩවිය හරහාය.
ඊයේ දිනයේදී විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය සඳහා එංගලන්තය ටෙනිස් ක්‍රීඩක ඇන්ඩි මරේ සහභාගී වීම පිළිබඳව මෙම සරදම කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ ඇන්ඩි මරේගේ වාසනාවට ඔහු අද දිනයේදී ශ්‍රී ලංකාව ක්‍රීඩකයකු සමග ක්‍රීඩා නොකරන බවය.

ෂේන් වොන් මෙම සරදම එල්ල කර ඇත්තේ ශ්‍රී ලංකාව සමග පැවතී එක්දින සහ ටෙස්ට් තරගාවලින් එංගලන්තය පරාජයට පත්වීම සරදමට ලක් කිරීම සඳහාය.



0 comments:

Post a Comment