රන්ජාල දිවයින පුරා පිහිටි සිනමා ශාලාවන්හිදී ආදායම් වාර්තා තබමින් මේ දිනවල අති සාර්ථකව තිරගත වන සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ 55 වැනි චිත්‍රපටයයි. ජල ප්‍රශ්නයක් මුල්කර ගනිමින් ඉකුත් කාල සමයේ දී රටපුරා මහත් ආන්දෝලනයක් ඇතිකළ රතුපස්වල සිද්ධියල ක්‍රමයෙන් මැකී ගියද රන්ජා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීමත් සමග එය නැවතත් කතාබහට සහ බොහෝ දෙනාගේ අවධානයට නතුවූ කරුණක්ව ඉස්මතුව ඇත. ඇත්තටම රන්ජා චිත්‍රපටය හරහා පෙන්වීමට උත්සාහ දරන්නේ රතුපස්වල සිද්ධියද? එසේත් නොමැති නම් රන්ජා වාණිජමය අගයක් ගත් සිනමා රූපයක් පමණද..? අද දිවයින සිනමා කලා ඒ ගැන විමසමින් සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් බොක්ස් ඔෆිස් ආදයම් වාර්තා පිහිටවූ නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු සමගින් කෙටි කතාබහක නිරත වූයේ, ලරතුපස්වලල සිද්ධිය හරහා රන්ජා චිත්‍රපටයට බාධා කිරීම් සහ අනේකවිධ වූ කෙණෙහිලිකම් ද පැමිණියා යෑයි ඔහු කියනා කතාව පාඨක ඔබට පැවසීම වෙනුවෙනි.
ඇත්තටම... රතුපස්වල සිද්ධියේ සහ රන්ජා චිත්‍රපටය අතර සම්බන්ධයක් තිඛෙනවාද...
රතුපස්වල සිද්ධියට නෑකම් කියන කතාන්දරයක් රන්ජා චිත්‍රපටය හරහා විද්‍යමාන වූවාට මේකේ කිසිම දේශපාලන පසුබිමක් නෑ. මේ චිත්‍රපටයේ බොහෝ් දර්ශන රූප ගත කළෙත් රතුපස්වලදී. මෙහි ප්‍රධාන චරිතය රඟදක්වන රන්ජන් රාමනායක විරුද්ධ පක්ෂ දේශපාලනඥයකු සහ ජනතා නායකයකු නිසාවෙන්, අපිට ඔහුව වැඩිපුර හයිලයිට් කරන්න සමහරු ඉඩ දෙන්නේ නැහැ. සමහර රාජ්‍ය මාධ්‍යවලින් පවා අපට ප්‍රචාරය ලබාදෙන එකත් නැවැත්වුවා. මුදල් ලබාදීලා දැන්වීම් හැටියට පමණක් පළ කරගන්න අවස්ථාව ලැබුණා. මේ සෑම දෙයකටම මුල් වුණේ රතුපස්වල කියන නමත්, ඒ අමිහිරි සිද්ධි දාමයත්, රන්ජා චිත්‍රපටය වෙතින් යම්තාක් දුරට සමානකම් පෙන්වීමයි. ඒත් මම කියනවා කවුරු කොහොම කිව්වත් රන්ජා කියන්නේ දැනටමත් අති සාර්ථක වූ වාණිජ අගයක් ගත් චිත්‍රපටයක් පමණයි කියලා.
රතුපස්වල කියන වචනය රන්ජා චිත්‍රපටයට තහනම් වචනයක් වුණා නේද...?
ඔව්. ප්රචාරක පුවරුවෙ සඳහන් කොට තිඛෙන රතුපස්වල වචනය ඉවත් කරන්න කියලා කපන මණ්ඩලයෙන් ලිපි එවා තිබුණා. මේ වගේ තවත් බොහෝ කෙණෙහිලිකම්වලට රන්ජා ට මුහුණ දෙන්න සිදු වුණා. පාතාලේ චරිත, දේශපාලන චරිත, ඇමැති චරිත ගැන හුඟක් හොඳට දැනෙන්න කතා කරන නිසා, පෙන්වන නිසා, රන්ජා චිත්‍රපටය අද අපේ රටේ මිනිස්සුන්ට වැදගත් වෙලා තියෙනවා. ඒ චරිත නිරූපණයේ සහ රටේ ස්වභාවයේ් ලොකු වෙනසක් නෑ. රන්ජා ප්‍රදර්ශනය අරඹා පළමු දින පහේදී රුපියල් ලක්ෂ සියයක ආදායමක් ඉපැයුවා. රන්ජා ට දොස් පවරන, කෙණෙහිලිකම් කරන අයුතු බලපෑම් කරන, හුඟක් අයට අද ඕනෑ කරලා තියෙන්නේ මේ චිත්‍රපටයේ මාර්කටින් බස්සන්න. අනෙක් පැත්තෙන් මේකට දේශපාලනය ගාවලා නැති ප්‍රශ්න ඇති කරන්න.
මෙවැනි ප්‍රශ්න හමුවේ ඔබ සිනමාව ගැනත් කලකිරීමෙන්ද සිටින්නේ...?
ඇත්තටම මේ කර්මාන්තය හොඳින් ලාබ ලැබිය හැකි ව්‍යාපාරයක්. ඒත්.. මම ඒකෙන් අදහස් කරන්නේ නෑ මගේ දියුණුව පමණක්. කොහොම වුණත්, මේ වගේ සිද්ධි නිසා අපි යම්තාක් දුරට අඩපණ වෙන බව කලකිරෙන බව කිව යුතුයි. මම චිත්‍රපට 55 ක් නිෂ්පාදනය කළා. මිනිස්සුන්ට හොඳ රසවත්, හරවත් නිර්මාණ එළිදැක්වූවා. මා නිෂ්පාදනය කළ, ~අනගාරික ධර්මපාල~, ~තුන්පත් රැන~, ~අජාසත්ත~ සහ ~සිංහයා~ ඇතුළු තවත් චිත්‍රපට 6ක් තිරගත වීමටත්, නියමිතව තිඛෙනවා. මේ කර්මාන්තය හරහා ලාභ ලැබිය නොහැකි නම් මම චිත්‍රපට කරන්නේ නැහැ. නමුත් ඒ හරහා මම අපේ රටේ සිනමාවට ලබාදුන් දේ සහ ලබාදීමට බලාපොරොත්තු වන තවත් දේ බොහොමයි. හැබැයි රන්ජා ට වගේ බාහිර බලපෑම් නැතිවිය යුතුයි.
රන්ජා චිත්‍රපටයට බලපෑම් රැසක් පැමිණියා කීවත්, දැනටත් ආදායම් වාර්තා බිහිකොට තිඛෙනවා නේද..?
ඔව්. අපේ සිනමා රසිකයෝ හොඳ චිත්‍රපටයක් නොබලා ඉන්නේ නෑ. ඒ නිසාම තමයි, මමත් මෙතරම් දුරක් නිෂ්පාදකයකු විදියට ආවේ. මට අවශ්‍ය මේ ගමන දේශපාලන අත පෙවීමකින් තොරව ඉදිරියට යන්නයි. ඒත් රන්ජා චිත්‍රපටයට තිඛෙන බාධා කිරීම් දැන් අවසන් කියලා මම තවම සිතන්නේ නෑ.
ඒ කියන්නේ සිනමාහලේ දී රන්ජා පෙන්වීමත් ඉදිරියේදී නතර කරන්න පුළුවන් කියන එකද...?
මේ වන තෙක් නම් රන්ජා සිනමා ශාලාවෙන් ගලවන්න කිව්වේ නෑ. නමුත් ඉදිරිය ගැන කිසිවක් කියන්න බැහැ.
ඩිජිටල් සිනමාවක් කරා යන ගමන තවමත් අතරමඟ නේද..?
ඔව්. ඒ සඳහා අනුමැතිය ලැඛෙන ලිපිය චිත්‍රපට සංස්ථාවෙන් තවමත් ලැබී නැහැ. ඒ නිසා ක්‍රියාත්මක වීම දැනට අතරමඟ තමයි තියෙන්නේ.
සිනමාව කියන්නේ ලාබ ලැබිය හැකි සරල, සුන්දර ව්‍යාපාරයක් බව ඔබ නිතරම කියනවා. එහි උන්නතිය වෙනුවෙන් මේ වන විට පෞද්ගලිකව ඔබ ගෙන ඇති පියවරයන් මොනවාද?
ඇත්තෙන්ම අපේ රටේ තිඛෙන සිනමා ශාලා 60 ක් ඩිජිටල් තත්ත්වයට පත්කර දීමට මගේ සූදානමක් තිඛෙනවා. ඒත් ලිතව අනුමැතිය ලැබී නොතිබීම ඒකටත් බලපෑම් ඇති කොට තිඛෙනවා. එක් සිනමා ශාලාවක් ඩිජිටල් තත්ත්වයට පත්කෙරුමට රුපියල් ලක්ෂ 60ක් පමණ වැය වෙනවා. ඉතිං... මම ඉන්දියාවත් සමග කතාකොට කිසියම් සහනදායී ක්‍රමයකට මේ කටයුත්ත කර ගැනීමට තමයි වෙහෙසෙන්නේ. එසේ වුවහොත් අපේ සිනමාවේ හෙට දවස සුබවාදී එකක් වෙයි.
1 comments:
Ranjan inna UNP eka me wage kisima deshapalana jada wada karala nathi hari honda pakshayak...
Post a Comment