අසාත් සාලි ලට සෞදියෙන් දුන් රට ඉඳි තොගය ඇමතිලා හොරකම් කරලා ~ niruwatha

Saturday, June 7, 2014

අසාත් සාලි ලට සෞදියෙන් දුන් රට ඉඳි තොගය ඇමතිලා හොරකම් කරලා

ඉස්ලාම් බැතිමතුන්ට රාමසාන් උපවාස කාලයේදී ප්‍රයෝජනයට ගැනීම සඳහා සවුදි අරාබියෙන් පරිත්‍යාග කළ රට ඉඳි ටොන් 200 ක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් ලබා ගෙන ඇමතිවරුන් අතරේ ඛෙදා දී ඇතැයි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා චෝදනා කරයි.

සමුපකාර හා අභ්‍යන්තර වෙ‍ළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එසේ ඛෙදා ගන්නා ලද රටඉඳි පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසල්වලට අලෙවි කිරීමට තරගයක් පවතින බවද පවසන අසාද් සාලි මහතා අදාළ රටඉඳි තොගය විකි”ම තහනම් අතර නොමිලේ ඛෙදා හැරිය යුතු යැයි ඇසුරුම්වලද මුද්‍රණය කර තිබියදීත් ඒවා විකි”ම සඳහා යොමු කිරීම කණගාටුදායක බවයි.

මින් පෙරද ඉස්ලාමීය ප්‍රජාවගේ නෝම්බි ඇරීමට සෞදියෙන් දුන් රට ඉඳි වෙනුවෙන් ප්‍රශ්නයක් ඇති වුනු අතර එහි වීඩියෝ පටය පහතින්.



0 comments:

Post a Comment