මේ දිනවල ලංකාවේ මාධ්‍ය ගණනාවකම බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් කාන් සම්බන්ධ විශේෂ ප්‍රවෘතියක් පළව තිඛෙනවා. ඒ ඔහු අදහන ඉස්ලාම් දහම අතහැර බුදු දහම වැළඳගන්නට යන කතාවකි.
මෙහි සත්‍යතාව පිළිබඳ අප කළ සොයා බැලීමේදීමේදී ෂාරුක් කාන් බුදු දහම වැළඳගන්නට යන පුවත අතිශෝක්තියෙන් සිදු කළ වාර්ථාකරණයක් බව පෙනී යයි.
ඇත්තටම සිදුව ඇත්තේ
ඔහු සිය කලබලකාරී මනස සංයමයකට පත්කරන්නට බුදුන් වහන්සේ ගැන පොත්පත් කිහිපයක් කියවන්නට උනන්දු වූ බව පමණකි.
ඒ බව ෂාරුක් කාන් තමන්ගේ පුද්ගලීක ට්විටර් ගීණුමේ පසුගිය ජුනි 3 වනදා තැබූ කෙටි සටහනක් ඔස්සේ කියා තිබේ.
ඒ මෙසේය,
"ගෞතම බුදුන්ගේ ජීවිතය ගැන පොත් සෙට් එකක් මට ලැබුණා. මගේ සිත ටිකකට හරි සන්සිඳුවගන්න ඒවා කියවන්න මං පටන් ගත්තා"
ෂාරුක් මෙසේ කියා ඇත්තේ පසුගීය අයිපීඑල්7තරන්ගාවලියේ ඔහුට අයත් කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පිටපිට දෙවන වතාවටත් ජයග්‍රහණය කිරීමෙන් පසු සිතට ආ නොසන්සුන්කම ගැන ට්විටර් පණිවිඩ ගණනාවක් සටහන් කිරීමෙන් අනතුරුවය.
ඔහු බුදු දහමට හැරෙන්න ගියා යැයි මේ තරම් දුර දිග ගීය කතාවක් ගොතන්නට තරම් එය ප්‍රමාණවත් නොවේ.
ෂාරුක් කාන් යනු උපතින් ඉස්ලාම් භක්තිකයෙක වුවද ඔහුගේ බිරිය හින්දු භක්තිකයෙකි.ඔහු බොහෝ තැන්වලදී තමන් ආගමික සීමාවකට කොටුවී කටයුතු නොකරන අයෙකු බවත් මනුෂ්‍යත්වයට ආගමක වෙනසක් නැති බවත් කියා ඇත්තේය ඔහුගේ "අශෝක" චිත්‍රපටය වෙනුවෙන් 2001 ආසන්න කාලයේ ඔහු බොහෝ බෞද්ධ පොත පත කියවූ අයෙක් වන අතර ඒ කාලයේ ටිඛෙටයේ දලයි ලාමා තුමන් හමුවීමටද ඔහු ගොස් තිබුණා.
අනතුරුව නිකුත්වූ ඔහුගේම "මයි නේම් ඉස් කාන්" චිත්‍රපටයේ මූලික හරයටද බෞද්ධ දර්ශනය උපයෝගී කරගෙන බව ඔහු කියා තිබුණා.
ඔහු සැබෑ ලෙසම බෞද්ධ ධර්මය හඳුනන සෑම ආගමකටම ගරු කරන පුද්ගලයෙකි. ඔහු සිත සන්සුන් කරගන්නට බෞද්ධ පොතපත කියවීමද අගය කළ හැකි කාරණාවකි.
3 comments:
islam agamen sitha sansunwenne nadda?
hariyata hari anonymus
anith aagamwala wage kupadi wada karana kara sitha sansung karaganna Islam aagamen baha.
Islam aagama adahanawanam wenath aagamwala un wage kuppa wadakaranna amarui. aakai budu dahama toragena thiyenne sharuk khan ge hora sellam walata budu dahame ida thiyena nisa.
Post a Comment