රට යන්න එන කෙල්ලන් - කොළඹදී වෙයි සල්ලන් ~ niruwatha

Sunday, June 1, 2014

රට යන්න එන කෙල්ලන් - කොළඹදී වෙයි සල්ලන්

ඔබ හොඳට නිදාගෙන ඉන්න. මේ සුන්දර රාත්‍රින්වල මං ඔබ හිතන්නේවත් නැති වැඩ කරනවා. ඒවා ගැන ඇහුවොත් ඇත්තට ඔබ පුදුම වෙනවා. ඒත් ජීවිතේ කියන්නේ වැඩ විතරක් වෙලා තියෙන මට මේ දේවල් මෙහෙම වෙන්නේ ඇයි කියන එක මහ ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මාව මෙහෙට එවලා තියෙන කෙනා මගෙන් ගන්න පුළුවන් උපරිම වැඩ හූරලා හරි ගන්නවාමයි. ඔබට නින්ද හරි සනීප දෙයක් වුණාට මට නින්ද කියන්නේ මගේ මනස මොන තරම් ඉල්ලන දෙයක්ද කියලා දන්නේ මං විතරයි. ඔබ හිතාවි මං මොනවද මෙච්චර කරන වැඩ කියලා. ඒ ගැන කියන්න මං මේකට වෙහෙසන්නේ නෑ. ඒත් මං කියන්නේ මං එහෙම කෙනෙක් කියලා මතක තියාගන්නකෝ. හරි අද අපි යමු අපේ කතාවට. නින්ද ගැන කිව්ව හින්දා නින්ද විකුණන කෙනෙක්ගේ ජීවිතයක් අස්සටයි මං මේ එඛෙන්නේ. ඔබ ආස නැති වුණත් මේ ගෙන්දගම් පොළොවේ දැනුත් මේ ගෙත්තම් වෙන කතාවේ පාත්‍රවර්ගයා ගොදුරු හොයනවා. මගේ ෆෝන් එක වදිනවා.

 අයියා කොළඹද...”
ඔව් මල්ලී...”
මං හිතුවේ ඈත ගිහින් කියලා. එනවද හවස මරදාන පැත්තේ. පොඩි කතාවක් තියෙනවා කියන්න...”
හා... හයට හතාමාරට විතර එන්නම්...”
එදා සඳුදා දවසක්. හවස පොඩි වැස්සකුත් වැටුණා. හැම තැනම වාහන පිරිච්ච කොළඹ මොන පාරකවත් නිදහසේ යන්න බෑ. මං අපේ ආයතනයේ වාහනේක මරදානට යමින් හිටියේ.

ඔබ හිතයි මේ වගේ කතාවක් ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් ගැන ඔබ දන්නේවත් නෑ කියලා. එතැන හිටිය මගේ යාළුවා කිව්ව බුවා ඔබ හිතන තරම් ලස්සන නැති කැත කොටෙක්.
පරක්කුද මල්ලි...”
නෑ... අනූ අයියා... මේ මගේ යාළුවෙක්...”
හරි මං හිතුවා... ඉතින් කොහොමද...”
ඊට පස්සෙ අපි හිටියේ කතා කරන තැනක කමින් බොමින්... දුම පිරිච්ච ලයිට් එළි අස්සෙන් බුවා කතා කරනවා.”
ඔයාට කවදට විතරද ඕනේ”

මං කෝල් එකක් දෙන්නම්... තව ගේන්නද...”
පොඩ්ඩක් ගම්මු... දැනටම බර ගාණක් ඇතිනේ”
හරි... හරි... ඒක හිතන්න එපා. ගම්මු...”
මෙතැනින් එහාට ඔබ මේ කතාව ගැන හිතන්න එපා. මොකද මේවා කවදාවත් ඉවර වෙන්නේ නැති කතා හින්දා. එහෙම වෙන්නේ මොනවත් හින්දා නෙවෙයි ඉරණම හින්දා.

ඔයාට අයියා ඉටිකිරිස් කෑල්ලක් දෙන්නම් සඳුදට... කින්නියාවල හෙට එනවා... තව දවස් තුනයිනේ. සීසන් කරලා ගන්න එකනේ”
මෙහෙමයි... කොහොමද එහෙම වෙන්නේ. මං ඇහුවේ දැකලාවත් නැතිව.”
මං දැක්කා. ඒ ගොල්ලෝ එන්නේ නවතින්න. මාස එකහමාරක් ඇතුළත පිටරට. අතට ගාණකුත් ලැඛෙනවා. කවුරුවත් දන්නේ නෑ... කියන්නේ නෑ... සබ්ලා ඉන්නවනේ. දැන් මං සබ් කෙනෙක්. (ආයතනයක නමක්) ඒකේ. ඉතින් මම මාසෙකට පහක් කොහොම හරි රට යවනවා. අරගෙන ඇවිත් ඔක්කොම කරලා දීලා.
හරි... හරි.... කොහෙට යැව්වාමද වැඩියෙන් සල්ලි ලැඛෙන්නේ...”
සවුදි තමයි.... කුවේට්, කටාර්...”

කොහොමද ඔයා සබ් කෙනෙක් වුණේ”
මෙහෙමයි... මං දැන් පූර්ණ කාලීන සබ් කෙනෙක්. මගේ ටුවර් එක ඈත පළාත්. ඔය කින්නියා, වවුනියා, දෙමළ ගම්මාන... ඈත... ඒ පැතිවල ඉන්නවා යාළුවෝ. යාළුවෝ කියන්නේ ඉන්නවා කවුරුහරි. ඒ අය එක්ක ගිහින් ටෝක් කරනවා. ගෙවල්වලට...
කොහොමද ටෝක් කරන්නේ...”
අහනවා... රට යන්න කැමැතිද... යන්න ඉස්සෙල්ලා ලක්ෂ එකහමාරක් දෙනවා. ට්‍රේනින් එකක් දෙනවා. හැම දෙයක්ම හොයලා දෙනවා. පාස්පෝට් එකේ ඉඳන් ටිකට් එකට. ආරක්ෂාව ඇති තැන්වල නවතින්න පුළුවන් යනකම්... 
රක්ෂණයක් හදනවා. මෙහෙම ටෝක් කරනවා. පස්සේ එහෙම සෙට් වෙනවා තුන් හතර දෙනෙක් විතර දවස් දෙකට.”
ඒ දවස් දෙකට...”

නැත්තන්... හරියට ටෝක් එක දෙන්න ඕනේ. සෙට් වෙනවා පහ හය එක ගෙදරින් තුන් දෙනා සෙට් වෙනවා. ඒකට ඉතින් හොඳ වචන සෙට් එකක් තියෙන්න ඕනේ.”
ඊට පස්සේ...”
මොනවද එහේ ඉඳලා ඊළඟ බස් එකේ උදේ කොළඹ නඟිනවා. හවස මෙහේ. එහෙම එනවා (ආයතනයක නමක්) කට්ටියගේ අයිඩෙන්ටි ටික අරගෙන එතැන කවුන්ටරේට දෙනවා. ළමයි ටික උඩ කාමරයට දානවා. කන්න ගෙනැත් දෙනවා. හොඳට රෙස්ට් කරන්න අරිනවා. නාන්න, ඉන්න, නිදියන්න කාමරේ ඔක්කොම තියෙනවා. අඩුම තරමේ මාසයක්වත් ඉන්න එපායැ එකම තැන.”

ඇයි එච්චර කල්”
ඇයි කියන්නේ පාස්පෝට් එකේ ඉඳලා ඔක්කොම හදන්න ගන්නේ ඊළඟ දවසේ ඉඳලා.”
එතකොට එයාලට යන්න බැරිද එළියට...”
බෑ... ඒකනේ ආරක්ෂාව ඇති තැන්වල නවත්තනවා කියන්නේ. අපි ඒ පොරොන්දුව වෙලානේ ආවේ. ඒ නිසා එයාලට එළියට යන්න බෑ.”
නියමයි නේද......”
ඒක තමයි... කොහොම හරි මේ අයව එළියට එක්කන් යන්න මට පුළුවන්...”
ඒ කියන්නේ සබ්ට...”
ඔව් සබ්ට පුළුවන් ඉන්න අයව එළියේ එක්කන් ගිහින් දවසක් දෙකක් හරි ඊට වැඩිය හරි ගෙනිහින් ආයි ගෙනැත් ඇරලන්න. සබ්ගෙනේ කෙල්ල”
එහෙම දවස් දෙක තුන යනවද......”
එහෙම තියෙනවා. සබ්ව තමයි එකෙන්ම ෆිට් කරගන්න ඕනේ. දැන් ඔයා දැම්මා වගේ පොඩි සංග්‍රහයක් කළා නම් ඔයාට ඕනෙ දවසක මං ළඟ හිටියොත් කෑල්ලක් දෙනවා”

ඇයි ඒ දෙන්නේ...”
සල්ලි හොයන්න නෙවෙයි. ලොජ් එකේ ඉන්නවට කෙල්ල ගෙවන්න ඕනේ ගාණක්. දවසට රුපියල් තුන්සීයක් විතර. කෙල්ලටත් සල්ලි ඒ තරම් වුවමනාවක් නෑ. දවස් ගාණ ගෙවන්න විතරයි ඕනේ. අනික අනිවාර්යයෙන් රට යනවා. මෙඩිකල් රිපෝට් කරලා තියෙන්නේ. බය නෑ.”
හරි කොහොමද සබ් කෙනෙක් එහෙම පිටරට යන්න ආව කෙනෙක්ව ඒ වැඩේට පොලඹවා ගන්නේ...”

හිතන්න බොසා... ඔයා කොළඹ ආවේ මුල් වතාවට නම්... හෙට අනිද්දට රටින් යනවා නම්... කොළඹ ඔය පොඩි ෆන් දෙන තැන් තියෙන්නේ... සත්තුවත්ත... ගෝල්ෆෙස් ඇවිල්ලා නෑනේ කවදාවත්. වික්ටෝරියා පාක් එකේ එහෙම ඇවිදින්න එක්කගෙන යනවා... ෆිල්ම් හෝල්වලට ඉතින් පට්ට ෆන්නේ”
මේ කතා කරන්නේ සමාජේ එක පැතිකඩක් විතරයි. අපි සමාජේ දන්න පැත්තට වඩා නොදන්න පැත්තේ තියෙන්නේ අපිට හිතන්නවත් බැරි අහම්බයක්. ඒ වුණාට පාරදිගේ යන මට මේ කතාව වටින තරමටම ඔබට එය නොවටීවි. මොනවා කරන්නද ඒ නිසා ලබන සතියෙත් මේකෙ ඉතිරි ටික කියවන්න.

A.එදිරිසිංහ

0 comments:

Post a Comment