කිරිගරුඬ වැහෙන්න ටජ්මහල මත මැටි ගායි. ~ niruwatha

Sunday, June 8, 2014

කිරිගරුඬ වැහෙන්න ටජ්මහල මත මැටි ගායි.

ඉන්දියාවේ සුප‍්‍රසිද්ධ ටජ්මහල් ස්මාරකය පරිසර ඳූෂණයෙන් ආරක්ෂා කරගැනීම සඳහා එහි කිරිගරුඬ බිත්ති මත හුණු මිශ‍්‍රිත මැටි ආලේපනයක් තැවරීමට පියවර ගෙන තිබෙනවා. එහි හටගෙන ඇති කහ පැහැති පැල්ලම් ඉවත්කර පිරිසිදු කිරීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ. මෙලෙස මැටි ආලේපනයක් තැවරීම මගින් ටජ් මහලේ ඇති ස්වභාවික දිස්නය නැවත ලබාගත හැකි බව ඉන්දීය පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබෙනවා. මෙලෙස හුණු මිශ‍්‍රිත මැටි ආලේපනයක් යොදා ටජ්මහලේ කිරිගරුඬ බිත්තිවල පිළියම් යොදන්නේ සිව්වන වතාවටයි. 17 වන සියවසේ ඉදිවූ ලෝක ප‍්‍රකට ටජ්මහල් ස්මාරකය පිහිටා ඇති ආග‍්‍රා නුවර වර්තමානයේ කර්මාන්තශාලා රැසකින් හෙබි ප‍්‍රදේශයක් බවට පත්ව තිබෙනවා.

0 comments:

Post a Comment