මහියංගණ ප්‍රා.ස. මන්ත්‍රී, ජාතික බලසේනා සංවිධානයේ නායක වටරැක විජිත හිමියන් පොලීසියට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම මත ඉදිරියේදී අධිකරණය හමුවට පැමිණීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ හිමියන් අත පය බැඳ දැමු ආකාරයෙන් පසුගිය දා බොල්ගොඩ ගඟ අසල දමා ගොස් තිබිණි.
විජිත හිමියන්ගේ ජනනේද්රීයේ චර්මය නියපොතු කපනයකින් කපා ඇති බවට වෛද්‍ය වාර්තා වලින් කියැවෙන්නේ යැයි ද දැනගන්නට ඇත.
එම පදෙසේ සෙසු සුළු සීරීම් වැනි තුවාල ද එක්කෝ ඒ හිමියන් විසින්ම කර ගන්නට ඇතැයිද එසේ නැතිනම් වෙනත් කෙනකු ලවා කරවා ගන්නට ඇතැයි ද කියැවෙන තොරතුරු ගැන තව දුරටත් සොයා බලන බව මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඒ හිමියන් සොයා ගන්නා විට මත් පැන් ගඳ වහනය වු බව ද පොලිස් වාර්තාවේ සඳහන් විය.
මුසාවාදයෙන් වැලකෙමි යන පන්සිල් පදය පවා උල්ලංඝණය කරමින් භික්ෂුන් වහන්සේ නමක් මේ ආකාරයෙන් හැසිරීම භික්ෂුන් වහන්සේලා ගැන සමාජයේ පවතින්නා වූ ගෞරවයට කැළලක් බව බොහෝ දෙනාගේ මතයයි
මුසාවාදයෙන් වැලකෙමි යන පන්සිල් පදය පවා උල්ලංඝණය කරමින් භික්ෂුන් වහන්සේ නමක් මේ ආකාරයෙන් හැසිරීම භික්ෂුන් වහන්සේලා ගැන සමාජයේ පවතින්නා වූ ගෞරවයට කැළලක් බව බොහෝ දෙනාගේ මතයයි
0 comments:
Post a Comment