වයස අවුරුදු 13 ක බාල වයස්කාර දැරියක සමග අඹු - සැමි ඇසුරක් පැවැත්වූ බව කියන 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.
අතවරයට පත්ව ඇති දැරිය මදුරන්කුලිය - සෙම්බැට්ටේ ප්‍රදේශයේ පිහිටි වත්තක තම මව්පියන් සමග ජීවත් වී ඇති අතර ඇය මේ වන විට පාසල් ජීවිතය අවසන් කර තිබී ඇති ව පොලීසිය කියයි.
පසුගිය දිනක දැරිය පදිංචි වී සිටින වත්තේම පිහිටි පාළු නිවසකදී සැකකරු ඇය සමග අඹු - සැමි සම්බන්ධතාවයක් පවත්වා ඇත.
මේ බව දැන ගෙන ඇති දැරියගේ මව්පියන් සිද්ධිය මුන්දලම පොලීසියට පැමිණිලි කර ඇති අතර ලැබී තිබුණු පැමිණිල්ලට අනුව සිදු කරන ලද විමර්ශන වලින් පසුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සමග තමන් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බවත්,එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සිද්ධිය සිදුවූ බවත් දැරිය පොලීසිය හමුවේ පවසා ඇත.
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
0 comments:
Post a Comment