පසු ගිය කාලයේ ජාතික රූපවාහිනී පරිශ්‍රයේදී ජනතාවගෙන් පහරකෑමකට ලක් වූ මහජන සබඳතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා සහ ව්‍යාපාරික පිරිසක් අද පෑලියගොඩ නගර සභාවේදී සාකච්ඡාවක නිරත වූහ.
මෙම සාකච්ඡාව පැවැත්වුණේ පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි නව නුගේ පාර පිළිසකර කිරීම සම්බන්ධයෙනි.
මෙහිදී එම පාරේ පිහිටි කර්මාන්තශාලා හිමිකරුවන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටිය හ.
අමාත්‍ය මර්වින් සිල්වා මහතා
මේ පාරේ යන්න බෑ ඕයගොල්ලෝ ජිවත් වෙන්නේ පෑලියගොඩ. ඕගොල්ලෝ මේක හදා ගන්න ඕනේ හදා ගන්න මම දෙනවා කාලය මාස දෙකක්. නැත්නම් මම පාර වහනවා. මට කවුරු තරහා වුනත් ප්‍රශ්ණයක් නැහැ. එයගොල්ලන්ගේ මොනවා හරි යෝජනා තියෙනවානම් මට කියන්න. ඔයගොල්ලෝ ෆව් මිලියන් දෙන්නම ඕනේ. නැත්නම් වහනවා මම එතන. මේ පාරට යනවා මේ කිංස්ලි මහත්මයා කියනවා මග නැගුමේ, ලක්ෂ 20 ක් යනවා. සොරි මිලියන 20 ක් යනවා.
ව්‍යාපාරිකයෙක්
අපි ඒ ඉන්ෂුවරන්ස් එකෙන් තමයි මේ ලැන්ඩ් එක ගත්තේ. මෙතන අඩි 60 ක, ෆස්ට් ක්ලාස් පාරක් තියෙනවා කියලා.
අමාත්‍ය මර්වින් සිල්වා මහතා
ඔක මමත් එක්ක ගහපු ඇග්රිමන්ට් එකක් නෙවෙයිනේ. මේ නගර සභාවේ වගකිම තියෙන්නේ මර්වින් සිල්වාට. එක නිසා මම ඉල්ලන්නේ මෙච්චරයි එයගොල්ලෝ කැමති වෙන්න මේ දෙකෙක් එකකට. දෙකින් එකකට කැමති විය යුතුමයි. එච්චර මට සාකච්ඡා කරන්න ඕනේ. නැහැ.
0 comments:
Post a Comment