වාසුදේව නාඩගම් නටා පැරකුම් මාළිගේ පුරා වස්තු කඩා දමයි ~ niruwatha

Friday, July 18, 2014

වාසුදේව නාඩගම් නටා පැරකුම් මාළිගේ පුරා වස්තු කඩා දමයි

ශේෂ්ඨ නරපතියකු වූ මහා පරාක්‍රමබාහු මහරජතුමාගේ රජ මාලිගාව හෙවත් 'වෛජයන්ති ප්‍රාසාදය' අබියසදී ඉකුත් (14දා) සවස 5.00ට පමණ ජාතික ඒකාබද්ධතා සතියේ සමාරම්භය සනිටුහන් කරමින් 'නාද යාත්‍රා' සංගීත චාරිකාව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.

මහා පරාක්‍රමබාහු රජුගේ වෛජයන්ති ප්‍රාසාදය ඓතිහාසික වූත් පුරාවිද්‍යාත්මක ස්ථානයකි. එහි සුවිශේෂී නෂ්ටාව ශේෂයන් අබියස සිදු කෙරුණු 'නාද යාත්‍රා' නම් සංගීත චාරිකාවට එක්ව සිටි ප්‍රභූවරුන් ඇතුළු රැස්ව සිටි පිරිස සිතුසේ පෞරාණික බැමි මත වාඩිවී එය නැරැඹීමෙන් පුරාවිද්‍යා ස්මාරකවලට හානි පැමිණ තිබිණි.

මහ පැරැකුම්බා මහ රජුගේ වෛජයන්ති ප්‍රාසාදය අබියස මේ මංගල්‍ය රඟ දැක්වීමට ඉඩ දුන්නේ කවරහුද? පුරාවිද්‍යා බලධාරීන් ඉපැරැණි බැමි මත පා තැබීම තහනම් කරමින් දැන්වීම් පුවරු පවා ප්‍රදර්ශනය කර ඇතත් පුරාවිද්‍යා ස්මාරක ආරක්‍ෂා කිරීමට ඒ කිසිවකුට හැකිවී නැත. මහා ශබ්දයන්ගෙන් සිදුවන කම්පන අධිසංවේදී ආලෝක ධාරා ඇතුළු තාක්‍ෂණික උපාංගවලින් මෙම භූමියේ පුරාවිද්‍යා සාධක මැකී නොයන්නේද? මේ නාද යාත්‍රා නම් විගඩම නිසා ඉදිරියේදී රඟ දැක්වෙන්නට නියමිත සෑම නාඩගමකටම ඓතිහාසික වෛජයන්ති ප්‍රාසාදය ගොදුරු වනු ඇත.

මීට පෙර නිශ්ශංක රාජ සභා මණ්ඩපය අසලදී ද මෙවැනි බහුරූ කෝලම් රඟ දැක්වීමට ගිය අයුරුත් සීගිරියේ නළඟන රැඟුම් පාන්නට ගිය අයුරුත් පැමිණ සිටි ඇතැම් පිරිස් සිහිපත් කෙළේ එම අවස්ථාවන් වැළකීමට කවරකුගේ හෝ මැදිහත්වීමෙන් හැකි වුවද මහ පැරැකුම් රජ මාලිගය අසල නාඩගම නවතාලීමට කිසිවකුට නොහැකි වූයේ මන්දැයි කම්පාවට පත්වෙමිනි. 

1 comments:

jbkulatunge said...

hena hatha gahapiya awajathaka paraballa

Post a Comment