අශෝක සේරසිංහ ඇහැලේපොළ කුමාරිහාමිගේ ඛෙල්ලට තම මොට්ට ආයුධය තියයි ~ niruwatha

Saturday, July 19, 2014

අශෝක සේරසිංහ ඇහැලේපොළ කුමාරිහාමිගේ ඛෙල්ලට තම මොට්ට ආයුධය තියයි


චිත්‍රපට සංස්ථා සභාපති අසෝක සේරසිංහගේ පිටපත් 35 සීමාව නිසා යළිත් සිනමා ක්‍ෂේත්‍රය තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ සුගත් සමරකෝන්ගේ ~ඇහැලේපොළ කුමාරිහාමි~ චිත්‍රපටයේ පිටපත් 55ක් සිනමා ශාලාවලට මුදා හැරීමට සභාපතිගේ අවසරය නොලැබීම නිසාය.

~ඇහැලේපොළ කුමාරිහාමි~ චිත්‍රපටයේ නිෂ්පාදක ගිහාන් රණවීර පවසන්නේ සභාපතිවරයාගේ පිටපත් 35 සීමාව පසෙක තිබියදී පසුගිය වකවානුවේ ~සිරිපැරකුම්~ චිත්‍රපටයට පිටපත් 55ක්, ~රන්ජා~ චිත්‍රපටයට පිටපත් 57ක්, ~සමනල සංධ්වනිය~ චිත්‍රපටයට පිටපත් 46ක්, කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයට පිටපත් 38ක් නිකුත් කිරීමට අවසර ලබාදී ඇති බවකි.


සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේදී පිටපත් 35කට සීමාවිය යුතු බවට සංස්ථා සභාපති ගෙන ආ චක්‍රලේඛයක් නිසා පසුගිය කාලයේදීද සිනමා කර්මාන්තය තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූයේය. එම චක්‍රලේඛයට එරෙහිව සුනිල් ටී. ප්‍රනාන්දු, සෝමරත්න දිසානායක, ගයාන් රණවීර ඇතුළු චිත්‍රපට නිෂ්පාදකවරුන් පිරිසක් උසාවියේ නඩුවක්ද ගොනු කළහ. නඩුව විභාගවෙමින් පැවැතියදීම ~සිරිපැරකුම්~ චිත්‍රපටය ප්‍රදර්ශනයට පැමිණි මොහොතේ සෝමරත්න දිසානායක චිත්‍රපට සංස්ථා සභාපතිවරයා දණගස්වමින් එවකට වැඩ බැලූ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ මැදිහත්වීමක් මඟින් පිටපත් 55ක් දිවයින පුරා මුදා හරින්නට කටයුතු කෙළේය.
~සිරිපැරකුම්~ පිටපත් 55 මුදාහැරීම සඳහා ගෙන ආ තර්කය වූයේ සභාපතිවරයාගේ චක්‍රලේඛය අනුව පිටපත් 35 සීමාව 2013ට කලින් නිෂ්පාදන කටයුතු ආරම්භ කළ චිත්‍රපට සඳහා වලංගු නොවන බවකි. ඒ තර්කයට මුවා වී ~සමනල සංධ්වනිය~ත් ~රන්ජා~ ~කොස්තාපල් පුඤ්ඤසෝම~ චිත්‍රපටවලට පිටපත් 35 සීමාව ඉක්මවා යන්නට හැකි වූයේය.


කෙසේ වෙතත් සභාපතිවරයාගේ 35 සීමාව සෝමරත්න දිසානායක, සුනිල් ටී. ප්‍රනාන්දු ඇතුළු නිෂ්පාදකවරුන්ගේ මැදිහත්වීම මත මොට්ට ආයුධයක් බවට පත්විය. සභාපතිවරයා එම මොට්ට ආයුධය සාක්කුවේ දමා ගෙන සිට යළි එළියට ගෙන ඇති බව ~ඇහැලේපොළ කුමාරිහාමි~ චිත්‍රපටයට 35 සීමාව පැනවීමෙන් පැහැදිලි වෙයි.
දැන් ප්‍රශ්නය ~ඇහැලේපොළ කුමාරිහාමි~ නිෂ්පාදකයාත් ජනමාධ්‍ය ඇමැතිවරයා ලවා යම් මැදිහත්වීමක් කළහොත් සභාපතිවරයා තම මොට්ට ආයුධය සාක්කුවේ දමා ගන්නවාද යන්නයි. ඔහුට එය යළිත් සාක්කුවේ දමා ගන්නට සිදුවුවහොත් පිටපත් 35 සීමාව නිකම්ම නිකම් චක්‍රලේඛයක් බවට පත්වනු ඇත.
ආයුධය අමෝරාගෙන එය ~ඇහැලේපොළ කුමාරි හාමි~ ගේ ගෙල මත තැබුවොත් සිනමා කර්මාන්තය යළි කැලඹීමක් ඇතිවීම වැළැක්විය නොහැකිය. මක්නිසාද යත් ජයන්ත චඡීද්‍රසිරිගේ ~මහරජ ගැමුණු~ ජැක්සන් ඇන්තනීගේ ~ඇඩ්‍රස් නෑ~ ඇතුළු තවත් දැවැන්ත නිෂ්පාදන රැසක් පිටපත් 35 සීමාව ඉක්මවා ප්‍රදර්ශනය කිරීමට ඔවුන් අපේක්‍ෂාවෙන් සිටීමයි. එම අපේක්‍ෂා බිඳ වැටුණොත් ඔවුන්ට තවදුරටත් සිනමා කර්මාන්තය තුළ පවතින්නට නොහැකි බවට දැනටමත් අනතුරු අඟවා ඇත.

0 comments:

Post a Comment