මීගමුව තිඹිරිගස්කටුව හරිස්චන්ද්රපුරයේ සිටි 40 හැවිරිදි පෙදරේරුවෙක්ට හා ඔහුගේ බිරිඳට කලක පටන් ඒඩ්ස් රෝගය වැලදී තිබේ. ඔවුන් දෙදෙනා තම දරුවන්ට හොරා කොළඹ මහ රෝහලට ගොස් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර තම බිරිඳ නිවසේ නොමැති අවස්ථාවක පියා විසින් තම 16 හැවිරිදි වැඩිමල් දියණිය 2013 වසරේ අවස්ථා දෙකකදී දූෂණය කර ඇත.
ඉන් ටික කලකට පසු දියණියගේ ශරීරයේ පලු මතුවී කුෂ්ට රෝගී බවක් පෙන්නුම් කර ඇත. තම පියා රහස් රෝගයකට ප්‍රතිකාර ලබා ගන්නා බව දැන සිටි එම දියණිය ඒ පිළිබඳව සැක සිතී කොළඹ මහ රෝහලට පැමිණ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඇගේ රුධිරය පරීක්ෂණයට ලක් කර ඇත.
පසුව රුධිර පරීක්ෂණයේදී ඇය HIV ආසාදිතයෙකු බව අනාවරණය වී ඇති නිසා මේ පිළිබඳ රෝහලේ වෛද්‍ය බලධාරීන් නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය දැනුවත් කර ඇත. පසුව මීගමුව මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඒඩ්ස් රෝගියෙකු වීමෙන් එම ලක්ෂණ පෙන්වීමට වසරකට ආසන්න කාලයක් යන අතර HIV ආසාදිතයෙක්ද යන්න පරීක්ෂා කළ හැක්කේ ලිංගික එක්වීමෙන් පසු මාස 3කින් පසුවය.
0 comments:
Post a Comment