වෛද්‍ය නිර්දේශයක් නැතුව ලිංගික උත්තේජනයක් ඇති කරන්න ෆාමසි හිමියන් සුදානම් ~ niruwatha

Wednesday, July 23, 2014

වෛද්‍ය නිර්දේශයක් නැතුව ලිංගික උත්තේජනයක් ඇති කරන්න ෆාමසි හිමියන් සුදානම්

ලිංගික උත්තේජනයක් ඇති කරන ඖෂධයක් මේ දිනවල සීග්‍ර ලෙස අලෙවි වීමට පටන් ගෙන ඇතැයි ජාතික ඖෂධ අධිකාරිය සඳහන් කරයි.මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශවලින් තොරව භාවිතා කිරීම හෝ අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් වුවද මේ වන විට කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඇතැමුන් මේවා මිලදී ගැනීමට කටයුතු කරන බව ජාතික ඖෂධ අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත පෙරේරා මහතා සඳහන් කළේය. මේ වන විට නුගේගොඩ, කොහුවල, වැල්ලවත්ත, පිටකෝට්ටේ , වැනි ප්‍රදේශවල මේවා වෛද්‍ය වට්ටෝරුවකින් තොරව අලෙවි කළ ෆාමසි කීපයක්ම නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිව තිබේ. මෙම ඖෂධය භාවිතා කිරීමට පෙර පුද්ගලයෙකුගේ රුධිර පීඩනය මැනිය යුතු වීම අනිවාර්ය වේ. එසේ කළ යුතු වන්නේ මෙම ඖෂධය භාවිතා කිරීමෙන් අනතුරුව රුධිර ගමනා ගමනය වේගවත් වී ජීවිතයට හානි පැමිණවිය හැකි බැවින් යැයි හෙතෙම පැවසීය. මෙම ඖෂධය සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 25 ක් භාවිතා කළ යුතු වුවද බොහෝ පුද්ගලයින් එය භාවිතා කරනුයේ මිලිග්‍රෑම් 100 අධිමාත්‍රාවෙන් බව කරන ලද පරීක්ෂණවලදී හෙළිව ඇත. මේවා බොහෝ විට ත්‍රිරෝද රථ රියැදුරන්, පාසල් සිසුන් හා වයස්ගත පුද්ගලයින් වැඩි වශයෙන් මිලදී ගැනීමට කටයුතු කරන බව පරීක්ෂණවලින් හෙළි විනැයි ද අමිත පෙරේරා මහතා පැවසීය.
මෙම ඖෂධ බොහෝමයක් අලෙවි කර ඇත්තේ ඖෂධවේදීන් විසින් බවත් ඔවුන්ට විරුද්ධව මේ වන විට නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බවත් ජාතික ඖෂධ අධිකාරිය සඳහන් කරයි. ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ මහතාගේ උපදෙස් පරිදි ආහාර හා ඖෂධ පරීක්ෂක එස්.ගුරුසිංහ සහ අජිත් රෝහණ විසින් මෙම වැටලීම් කරනු ලැබ ඇත.

0 comments:

Post a Comment