නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් වඩා සතුටින් ජීවත්වන බව නව සමීක්ෂණයක් මගින් සොයාගෙන තිබේ. මෙම සමීක්ෂණය මෙහෙයවූ කොට්න් U.S.A නම් ආයතනය ඒ සඳහා බ්‍රිතාන්‍යය ජාතිකයන් 1007 දෙනෙකුගේ දත්ත යොදාගෙන තිබේ.
ඉන් ශරීරය සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් හැද නිදාගන්නන්ගෙන් ජීවිතය තෘප්තිමත් බව පවසා ඇත්තේ 38%ක් පමණක් වන අතර රාත‍්‍රියේදී නිරුවතින් සයනයට යන පුද්ගලයන්ගෙන් 57%ක් පවසා ඇත්තේ ඔවුන් තම සහකරුවා හෝ සහකාරිය සමග ඉතා තෘප්තිමත් ජීවිතයක් ගත කරන බවයි.
මෙයට අමතරව පිජාමා අඳින්නන්ගෙන් 48%ක්ද රාත‍්‍රි ගවුම් අඳින්නන්ගෙන් 43%ක්ද සිය සබඳතා පිළිබඳව සතුටට පත්වෙන බව එම සමීක්ෂණයෙන් හෙළිවී තිබේ
0 comments:
Post a Comment