මුඛයේ දත් 232ක් සහිත ඉන්දිය ජාතික තරුණයෙකු විශේෂ ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.පැය 07ක කාලයක් පුරා සිදුකළ අදාළ සැත්කමෙන් අනතුරුව ඔහුගේ මුඛයේ තිබු දත් 204 ක් ඉවත් කළ බව වෛද්‍යවරුන් පවසයි.
මෙලෙස අසාමාන්‍ය පරිදි මුඛයේ දත් පිහිටා ඇත්තේ 17 හැවිරිදි ආශික් ගවායි නැමති තරුණයෙකුගේ බව සඳහන් වෙයි. ඔහු මාස 18ක පමණ කාලයක සිට මුඛයේ වේදනාවෙන් පීඩාවට පත්ව සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ තරුණයාගේ මුඛයේ හටගෙන තිබු තුවාලයක් පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පැවති බැවින් කඩිනමින් ඔහු ශල්‍යකර්මය සඳහා මුම්බායි නුවරට රැගෙන ආ බව ආශික් ගවායිගේ පියා පවසා ඇත.
0 comments:
Post a Comment