තමන් ලබන වසරේ විවාහවීමට යන බවට උපේක්ෂා ස්වර්ණමාලි විසින් පසුගියදා පවසා තිබුණි.
ඇය විවාහ වීමට යන පෙම්වතා පිළිබඳව සොයාබැලූ ගොසිප්බුක් වෙත දැනගන්නට ලැබුණේ ඇයගේ මෙතෙක් නම හෙළි නොකළ එම පෙම්වතා වන්නේ නිසල් රන්දික ගමගේ බවයි.
මීට පෙර උපේක්ෂා පවසා තිබුනේ ඇයගේ පෙම්වතා ව්‍යාපාරිකයෙකු බවවත්, අකලංක ගනේගම ට වඩා කඩවසම් බවත් පමණි.
නිසල් රන්දික ගමගේ ව්‍යාපාරිකයෙක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු කොළඹ පාතාලය සමඟ සමීපව ගනුදෙනු කරන කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ "රත්තරං තිලක්" ගේද ඥාති පුතෙකි.
ඔහුගේ සම්පූර්න නම වන්නේ කංකාන ගමගේ දොන් නිසල් රන්දිකය. පසුගිය ජූනි 26 වනදාට උපේක්ෂාට වයස 30ක් සපිරුණු අතර මෙම මස 30 වනදාට රන්දිකට වයස 32ක් සපිරේ.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නිසල් ට අයිති පාවහන් වෙළඳසැල් කිහිපයක්ම පිටකොටුවේ තිබේ. පෙම්වතා ව්‍යාපාරිකයෙකු බවට උපේක්ෂා පවසන්නේ ඔහුට අයිති එම පාවහන් වෙළඳසැල් නිසාය.
උපේක්ෂාට නිසල් හමුවී තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී උදිත් ලොකු බණ්ඩාරගේ මාර්ගයෙනි. ඒ නිසල් එම මංත්රීවරයාගේ හිතවතෙකු වීම නිසාය.
නිසල්ගේ චරිතය පිළිබඳව අපට වාර්තා වන්නේ ඔහු සනත් ජයසූරිය මෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් හට ඇල්මක් දක්වන අයෙකු ලෙසිනි.
0 comments:
Post a Comment