දියණියනි ඔබ ගත්තේ වැරදි තීරණයකි. නමුත් වග කිව යුත්තා ඔබ නොව... ~ niruwatha

Saturday, February 8, 2014

දියණියනි ඔබ ගත්තේ වැරදි තීරණයකි. නමුත් වග කිව යුත්තා ඔබ නොව...

පසු ගිය දිනක ෆේස්බුක් භාවිතයේ  අනිසි ප්‍රතිඵලයක් ලෙස (සමාජ ගත වුයේ එසේය.) අකාලයේ ජීවිතයට සමු දුන් වෙනුෂා ඉමන්දී බණ්ඩාර සිසුවිය ගැන මේ වනවිට සමාජයේ විවිධ ස්ථරයන්හි විවිධාකාර කථිකාවන් හට ගෙන ඇත.ඒ සමහරක් කථිකාවන් ඇයගේ පාසලේ විදුහල්පතිනියටද, ඇයගේ දෙමවුපියනටද, තවත් සමහරක් ඇයට මෙන්ම නවීන තාක්ෂනය දෙසටද ඇඟිලි දිගු කර ඇත.ඒ කෙසේ වෙතත් අප අද මේ උත්සාහ කරන්නේ ඇය තම අවසන් වචන කිහිපයෙන් ඉල්ලා සිටි ඉල්ලීම යම් තාක් දුරට හෝ සැබෑ කරවීම උදෙසා උත්සාහ ගැනීමකි.




"මං අද කරගන්න දෙයින් මං හිතනවා තවත් ළමයෙක්ට මේ වගේ පහත් වැඩක් වෙන්නේ නැති වෙයි කියලා."

මේ අප ලිපියේ මුලින්ම උපුටා ගන්නා කොටසයි.මේ දැරිවියගේ චිත්ත ශක්තියේ ස්වභාවය අප මුලින් පැහැදිළි කරගමු.

තමන් සිය දිවි නසාගැනීමෙන් ඇති වෙන සමාජ කතිකාවතක් ගැන ඇය අවබෝධයෙන් සිට ඇත.නමුත් ඇය කල්පනා නොකර ඇත්තේ තමාගේ සිය දිවි නසාගැනීමෙන්, (සමාජ විපරීත) විදුහල්පතිවරුන් ඇතුළු අනිත් පිරිසගේ මනස වෙනස් කල හැකිද යන්න පිළිබඳවයි.එය තමාට දිවි තොර නොකට වෙනස් කළ හැකිද යන්නද ඇය කල්පනා කොට නැත.

ඇයගේ වයසේ පසුවන (15) නව යෞවනියකට මහා ලොකු චිත්ත ශක්තියක් හෝ දරා ගැනීමේ හැකියාවක් තිබිය නොහැක (එසේහැකි දරුවන්ද සමාජයේ සිටින බව අප පිළිගත යුතුය).තව දුරටත් කරුණු විමසා බැලීමේදී අපට ඇයගේ චිත්ත ශක්තිය අඩාළ වීමට කරුණු දක්නට ලැබේ.




ළමයින් අහිංසක හෝ දඩබ්බර විය හැකිය.නමුත් අප ඔවුන් ළමුන් බව සිහි තබා ගත යුතුය.බලන්න, ගැහැණු ළමයෙකුට එවැනි අසභ්‍ය වචනයක් භාවිතා කොට බැනීමෙන් කොතරම් දුරට සිත කඩා වැටෙනු ඇත්ද? ඒ මානසික පීඩනය කෙතරම්ද කියා ඔබට සිතිය හැකිද?
අනික 5000ක් පමණ පිරිස ඉදිරියේ එවැනි තත්වයකට පත්වීමට ඔබට් වුව හැකිද?


ඇයගේ ඉවසීමට තිත වැටීමට හේතුව වන්නට ඇත්තේද මෙය සාමාන්‍ය චෝදනාවක් විය නොහැකි නිසාය.
(විශේෂයෙන්ම සාමාන්‍ය වරදකට පරිභව කිරීමක් නොවන නිසාය.)

තවදුරටත් කරුණු සළකා බැලීමේදී අපට දක්නට ලැබුනේ.ඇයගේ පවුල් පසුබිමයි.එයද මේ ලියුමෙන් හොඳ හැටි පෙන්නුම් කෙරේ.එසේම විදුහල්පතිනිය එය දන්නා බවද මෙමගින් කියවේ.



පවුල් ප්‍රශ්න තිබිය හැකිය.ඒවා දෙමාපියගේ වැරදිද විය හැකිය.නමුත් ප්‍රශ්නය වන්නේ එය නොව.එවැනි ළමයින්ට නොලැබෙන දේ දීමය.මෙම විදුහල්පතිනිය ඇතුළු ඇතැම්හු එය දැන දැනද දී ඇත්තේ දිය යුතු දෙයට පටහැනි දෙයකි.

පෙම් කිරීම වරදක් වුවද නොවුවද අවශ්‍ය වන්නේ ඕවදන්ය,මග පෙන්වීමය, එසේ නොමැතිව අමු අසභ්‍ය භාෂාවෙන් මා පියන් සහ වෛශ්‍යාවන් මතක් කිරීම නොව.

මේ කතෘ අදහස වන අතර ඔබටද මෙය අදහස් එක් කල හැකිය.

(පළමු ලිපිය) ෆේස්බුක් පින්තූර ගැන විදුහල්පති දෝස් කීවැයි 15 හැවිරිදි සිසුවිය දිවිනසාගෙන



1 comments:

Anonymous said...

:-) උබලා මගුල් කියනවා මම දැක්කා බුකියේ මෙහෙම එකක් දාලා තියෙනවා
හෙට පැවැත්වීමට නියමිත උද්ගෝෂණයක්...

“පාසැල් දරුවන්ගේ පෙම් කිරීමේ අයිතිය සුරකිව්..“
“ශිෂ්‍යයින්ගේ පෞද්ගලික ජීවිතයට ඇගිලි නොගසව්..“
“ගුරුවරුනි, කතා කරන හැටි ඉගෙන ගනිවු..“
“ඉස්කෝලෙටත් මානව හිමිකම් කමිටුවක් ඕනෑ..“

අනේ මන්දා...... :o :o :o :o :o :o :o :o :o :o :o :o :o :o :o :o :o :o :o :o :o

Post a Comment