මෙසේ පියාගේ ක්‍රෑර වධ හිංසාවලට ලක් වී ඇත්තේ දර්ගානගරය පතිරාජගොඩ පහල වත්්තේ පදිංචි දරුවෙකි.
මව විසින් මෙම දරුවා මිත්තනිය භාරයේ තබා වසර දෙකකට පෙර විදේශගත වී ඇතැයිද පසුව දරුවාගේ පියා විසින් සිගරට්‌වලින් පුළුස්‌සා හිරිහැර කළ දරුවාව පියාගේ සහෝදරියන් විසින් නැවත අම්මාට භාරදී ඇතැයි ද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.
දරුවාගේ මිත්තනිය වන දර්ගානගරයේ පදිංචි මොහොමඩ් ඉබ්බ්‍රාහිම් පවුසියා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසුව රෝගී දරුවා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බවද අළුත්ගම පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‌ෂක කාවින්ද පියසේකර මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌්වේ.
අළුත්ගම පොලිසියේ සැරයන් (62007) සරත් අබේසේකර, කාන්තා පොලිස් කොස්‌තාපල් (3571) නිලන්ති යන මහත්ම මහත්මීන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරිය මෙම දරුවා පිළිබඳ පරිවාස වාර්තාවක් මෙම මස 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළාය.
මෙම දරුවාගේ මුහුණ සහ පිට ප්‍රදේශය සිගරට්‌වලින් ඉතාමත් දරුණු ලෙස පුළුස්‌සා ඇතැයිද පොලිසිය පවසයි.
පියාගේ පිළිස්‌සීම් තුවාලවලට ලක් වූ දරුවා පෙරේදා (8 දා) දහවල් පොලිස් නිලධාරීන් අධිකරණ භූමියට රැගෙන ආ අයුරු. දරුවාගේ මිත්තනියද ඡායාරූපයේ වෙති.
විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
3:42 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment