රජයට පවරාදීමට සැලැසුම් කර තිබෙන බෝගම්බර බන්ධනාගාරය තුළ රඳවා සිටි මරණීය දණ්ඩනයට නියමවූවන් 534 දෙනකු එම බන්ධනාගාර ඉතිහාසයේ එල්ලා මරා දමා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් "මව්බිම"ට පැවැසීය.
මරුසිරා ඇතුළු මෙරට නමගිය අපරාධකරුවන් රැසක් එල්ලා මරා තිබෙන මෙම බන්ධනාගාරය තුළ අවසන් වරට එල්ලා මරා දමා ඇත්තේ තිස්මඩම ප්‍රදේශයේ පදිංචිව සිටි සෝමලතා නමැති කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සිර අංක ඒ/5421 ඩබ්ලිව්.ඩී. රිචඩ් හා සිර අංක ඒ/5422 ටී.එම්. ජයරත්න නමැත්තන්ය. 1975 වසරේ නොවැම්බර් මස 20 හා 21 යන දෙදින තුළදී ඔවුන් එසේ එල්ලා මරා දමා ඇත.
1975 නොවැම්බර් මස 21 දිනෙන් පසු ගෙවී ගිය වසර 39ක කාලය තුළ මේ දක්වා මරණීය දණ්ඩනයට ලක්වූ කිසිදු පුද්ගලයකු එල්ලා මරා දමා නැත. වැලිකඩ බන්ධනාගාරය තුළදී එක් වරකට එක් අයකු එල්ලා මරා දැමීමට හැකි වුවත් බෝගම්බර බන්ධනාගාරය තුළදී එක් වරකට පුද්ගලයන් තිදෙනකු එල්ලා මරා දැමීමට පහසුකම් සලසා තිබූ බව එම නිලධාරියා පැවැසීය.
විවිධ චෝදනාවන් යටතේ මරණීය දණ්ඩනයට ලක්වූ පුද්ගලයන් 400ට අධික පිරිසක් දැනට වැලිකඩ හා උඩුදුම්බර බන්ධනාගාරවල රඳවා සිටින බවද එකී නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
9:50 PM
Unknown
Posted in:
1 comments:
:d
Post a Comment