කොල්ලෙක් සාරියක එල්ලේ ~ niruwatha

Friday, February 14, 2014

කොල්ලෙක් සාරියක එල්ලේ

තමන් සියදිවි නසාගන්නා බවට කෙටි පණිවුඩයක් මඟින් පෙම්වතියට දැන්වූ තරුණයකු නිවෙස තුළදී සාරියකින් ගෙල වැලලාගෙන මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කඳපොළ කොන්කෝඩියාවත්තේ පදිංචිව සිටි තරුණයෙකි. පසුගිය 11දා පස්වරුවේ නිවෙසේ කිසිවකු නොසිටි අවස්ථාවක ඔහු සියදිවි නසාගෙන ඇත.


මෙයට වසර කීපයකට කලින් කොළඹ ප්‍රදේශයේ රස්සාවක් හොයාගෙන ගොස් ඇති ඔහුට එහිදී පෙම්වතියක මුණගැසී ඇති බවත් ඇයගේ පවුලේ අයගේ විරුද්ධත්වය මත ඔහු නැවැත මෙයට දින දහයකට පෙර නිවෙසට පැමිණි බවත් මව පැවැසුවාය.
තමන් වත්තේ වැඩි ඇරී සවස 4.30ට පමණ නිවෙසට පැමිණි අවස්ථාවේ පුතා එල්ලී සිටිනු දුටු බව මව කීවාය.


හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම



0 comments:

Post a Comment