ප්‍රථම වරට ද්විභාෂික ජාතික හැඳුනුම්පතක්‌ ~ niruwatha

Friday, February 28, 2014

ප්‍රථම වරට ද්විභාෂික ජාතික හැඳුනුම්පතක්‌

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (28 දා) සිට නිකුත් කරන සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම මුද්‍රණය කරන ලද නව ජාතික හැඳුනුම්පත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ආර්. එම්. එස්‌. සරත් කුමාර මහතා මාධ්‍යයට පෙන්වූ අයුරු. 
ඡායාරූපය - කමල් බෝගොඩ




සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම පුද්ගල තොරතුරු ඇතුළත් නව මුද්‍රිත ජාතික හැඳුනුම්පත ඊයේ (28 වැනිදා) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබීය.

එවැනි හැඳුනුම්පතක්‌ නිකුත් කිරීම මෙරට පළමුවරට සිදුකෙරුණේ ඊයේය. එය වර්ෂ 2016 දී මෙරටට හඳුන්වාදීමට නියමිත විද්යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ව්‍යාපෘතියේ අන්තර්කාලීය පියවරකි.

වර්ෂ 1972 සැප්තැම්බර් 14 වැනිදා අතින් ලියන ලද මෙරට පළමු හැඳුනුම්පත නිකුත් කිරීමෙන් අනතුරුව වසර 42 කට පසු මුද්‍රිත හැඳුනුම්පතක්‌ නිකුත් කිරීම සුවිශේෂී අවස්‌ථාවක්‌ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ජෙනරාල් ආර්. එම්. එස්‌. සරත් කුමාර මහතා ලදිවයිනල ට පැවැසීය.

නව වැඩපිළිවෙළ අනුව සෑම පුද්ගලයකුට ඉතා කෙටි කාලයකින් නිවැරදිව සිය ජාතික හැඳුනුම්පත ලබා දීමට හැකි වන බව ද ඒ මහතා කීවේය.


එසේම පසුගිය හැඳුනුම්පත තුළින් මතුවූ එකම අංකය ගන්න හැඳුනුම්පත් කිහිපයක්‌ නිකුත්වීම, නම් ගම් වැරදියට සටහන්වීම ඇතුළු අඩුපාඩු රැසක්‌ මඟහරවා ගැනීමටද හැකිවනු ඇත.