නීති විද්‍යාල සිසු කප්පාදුව හකීම්ගෙන් විශේෂ ප්‍රකාශයක්‌ ~ niruwatha

Friday, February 28, 2014

නීති විද්‍යාල සිසු කප්පාදුව හකීම්ගෙන් විශේෂ ප්‍රකාශයක්‌

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා ලබන සතියේදී පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය. 

නීති විද්‍යාලයට මෙම වසරේ බඳවාගත් ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක්‌ ඇති වී තිඛෙන අතර මේ නිසා තමන් දැඩි අසාධාරණයකට ලක්‌ව සිටින බව නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටි අයෑදුම්කරුවෝ පවසති. ලනීති විද්‍යාල ශිෂ්‍ය කප්පාදුවට එරෙහි ව්‍යාපාරයල ලෙස නව සංවිධානයක්‌ ද බිහි කරගෙන ඇති ඔවුහු තමන්ට සිදුවූ අසාධාරණයට විරෝධය පළ කරමින් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙති. 

සාමාන්‍යයෙන් සිසුන් 225 ක්‌ පමණ නීති විද්‍යාලයට වාර්ෂිකව බඳවා ගැනෙන නමුත් මෙවර බඳවාගෙන ඇත්තේ සිසුන් 177 දෙනකු පමණි. මුස්‌ලිම් සිසුන් වැඩිපුර ඇතුළත් කිරීමේ ගැටලු සහගත තත්ත්වයක්‌ නිසා ඇති වූ උද්ඝෝෂණවලින් පසුව මෙවර සිසුන් පන්සිය පනස්‌ එක්‌ දෙනකු ඇතුළත් කිරීමට සිදු විය.

අධිකරණ ඇමැතිවරයා සිය විශේෂ ප්‍රකාශයෙන් වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට නියමිත බව එම විදුහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

නීති විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ආචාර්ය ජයතිස්‌ස ද කොස්‌තා මහතා පත් කර ඇත.
සිරිමන්ත රත්නසේකර