ඉන්දියාවේ දේශපාලන සිරකරුවෝ 1038 ක්‌ ~ niruwatha

Friday, February 28, 2014

ඉන්දියාවේ දේශපාලන සිරකරුවෝ 1038 ක්‌

ඉන්දියාවේ දේශපාලන සිරකරුවන් 1038 දෙනකු සිටින අතර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් 28929 ක්‌ සිදුවී ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සිය විමර්ශන වාර්තාවෙන් හෙළි කර ඇත.

2012 මහජන ආරක්‍ෂක පනත යටතේ කැරලිකරුවන්, ත්‍රස්‌තවාදීන් සහ ඛෙදුම්වාදීන් යෑයි හඳුන්වමින් ජම්මු හා කාශ්මීරයේ මෙකී දේශපාලන සිරකරුවන්ව අත්අඩංගුවේ තබා ඇතැයි එහි සඳහන්ය.

ඉන්දු කාශ්මීරයේ දේශපාලන සිරකරුවන් 600 ක්‌ ද බටහිර ඛෙංගාලයේ 438 ක්‌ ද සිටින බව එකී වාර්තාවේ සඳහන්ය.

මෙතෙක්‌ මෙම තොරතුරු හෙළිවී නොතිබිණි.