කෑගල්ල නිදහස් මාවතේදී ඊයේ (04 දා) පෙරවරුවේ පැවැති 66 වැනි ජාතික නිදහස් උළෙලේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා ඒ බව අවධාරණය කළේය.
ලංකාවට එරෙහිව ජිනීවාහිදී ගෙනෙන්න උත්සාහ කරන යුද අපරාධ චෝදනා සාමයට අකමැති අයගේ ජයග්‍රහණයක් ලෙස තමා දකින බවත් පැවසූ ජනාධිපතිවරයා කවර තත්ත්වයක් යටතේවත් බියට පත් වී දිනාගත් නිදහස රටට අහිමි කිරීමට සූදානම් නැති බවත් පැවැසීය.
පිටස්‌තරයන්ට වඩා ලංකාවේ උපන්, ලංකාවේ ජීවත්වන, ලංකාවේ මිහිදන් වන අප අප රටේ සාමය, එක්‌සත්කම රැක ගත යුතු යෑයි ද හෙතෙම කීය.
අද නිදහස භුක්‌ති විඳින උතුරේ ජනතාව පළිහක් කර ගන්න විදේශ බලවේග උත්සාහ කරන බව අප තේරුම් ගත යුතුව ඇතැයි පැවසූ ජනාධිපතිවරයා හැමදාමත් ආක්‍රමණිකයා මේ රටට ගොඩ බැස්‌සේ කිඹුල් කඳුළු උඩින් ජනතාව බේරා ගන්න, මානව අයිතීන් රැක දෙන්න, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න, නීතියේ ආධිපත්‍යය වගේ දේවල් ඉදිරියට දාගෙන බවත් පැවැසීය.
අප රටේ සියලු ආගම් අදහන විවිධ භාෂාවන් කතාකරන සියල්ලන් සමගි සම්පන්න ජාතියක් හැටියට සංවර්ධන ප්‍රවේශයකට සංහිඳියාවකට පැමිණ සිටින බැවින් සියලු රටවල් අපේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මඟටත්, සංවර්ධනයටත්, ජාතික නිදහස මානුෂීය අයිතිය තහවුරු කිරීමට අපත් සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නේ යයි ද සඳහන් කළේය.
12:09 PM
Unknown
Posted in:
0 comments:
Post a Comment