Wednesday, March 12, 2014
දිනූ යන්නේ නැ
2:32 AM
Unknown
යුද්ධය අවසන් කළ 2009 මැයි 18 වැනිදා පින්නවල අලි අනාථාගාරයේදී උපන් ~දිනූදා~ නම් අලි පැටවා දකුණු කොරියාවට යැවීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් නතර කර ඇත.
අද මේ අලි පැටවා කොරියාවට යැවීමට නියමිතව සිටියේය. ~දිනූදා~ වෙනුවට වෙනත් ඇත් පැටවකු යැවෙනු ඇත.
හිටපු වනජීවී අමාත්‍ය සහ වත්මන් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා මෙම ඇත් පැටවා කොරියාවට ලබා දීමට තිරණය කර ඇති බවට ජනාධිපතිවරයාට දැනුම්දී ඇති අතර එහිදී කරුණු සොයා බැලු ජනාධිපතිවරයා අලි පැටවා දකුණු කොරියාවට යැවීම වහා නතර කරන ලෙස නියෝග කර ඇති බව එස්.එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.