හිමිකම් ලියා පදිංචි කිරීමේ පනතින් බිම් සවිය ඔප්පු ලබා දීම නිසා විහාර හා දේවාල වලට අයත් ඉඩම් අහිමි වීමේ තත්වයක් උදා වී ඇති බැවින් එම පනත සංශෝධනය කර විහාර හා දේවල සතු ඉඩම් ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු නොකළ හොත් තමන් වහන්සේ ප්‍රමුක මහා සංඝරත්නයටද පාරට බැසීමට සිදුවන බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්කිත මහා නා හිමියෝ මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාට පැවසුහ.
රවුෆ් හකීම් මහතා අස්ගිරි මල්වතු නා හිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ උන් වහන්සේ මෙලෙස පැවසුහ.එහිදී අදහස් දැක්වූ අස්ගිරි මහා නා හිමියෝ මෙසේද පැවසුහ.
"විහාර හා දේවාල ගම පනත යටතේ විහාර හා දේවාල සතුව පවතින ඉඩම් රාශියක් මේ වන විට විවිධ ක්‍රම මගින් ජනතාව අතට පත්ව තිබෙනවා.එම ඉඩම් වලින් සුලිවෙන් හෝ ආදායමක් ලැබෙන්නේ බදු දී ඇති ඉඩම් වලින් පමණයි.බිම් සවිය ඔප්පු ලබා දීම නිසා එම සුළු ආදායමද විහාර වලට අහිමි වී යන බව සෙසු භික්ෂුන් වහන්සේලා තමන් වහන්සේට නිතරම මතක් කරනවා.රජයට මේ සම්භන්ධයෙන් කිහිප වරක්ම දැන්වුවත් මෙතෙක් ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන නැහැ මෙසේ දිගින් දිගටම බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම් වලට සාධාරණය ඉටු නොවුන හොත් රටේ අනෙකුත් භික්ෂුන් වහන්සේලා සමග මටද පාරට බහින්න සිද්ධ වෙනවා"
1931 සම්මත වූ විහාර හා දේවාලගම් පනත 1939න් පසුව සන්ශෝධනය වී නොමැති බවත්.රටේ විහාර හා දේවාල සතුව ඇති දේපල ආරක්ෂා වන ලෙසට එය සංශෝධනය විය යුතු බව තමන්ද පිළිගන්නා බවත්.විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීම සම්භන්ධව මේ දිනවල කැබිනට් මණ්ඩලයේ සාකච්චා සිදුවන බවත් අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මේ අවස්ථාවේදී නා හිමියන්ට පැවසීය.
1 comments:
mehemawath Mahanayaka swaminwahanse baudhayanta wana asaradana gena katha kala eka gena sathutu wenawa.
Mahanayaka himi warun meeta wada yamak kalauthu wenawa budusasuna naga sitawanna.
Post a Comment