මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බෙන්ගුයි නගරයෙන් මුස්ලිම්වරු ඉවත් කෙරයි. ~ niruwatha

Monday, April 28, 2014

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බෙන්ගුයි නගරයෙන් මුස්ලිම්වරු ඉවත් කෙරයි.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අගනුවර වන බෙන්ගුයි හි වෙසෙන 1,200ක් පමණ වූ මුස්ලිම් වැසියන් නගරයෙන් ඉවත් කිරීමට සාමසාධක හමුදාවන් කටයුතු කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙසේ ඉවත් කෙරුණු පිරිස නගරයේ ජීවත් වූ අවසන් මුස්ලිම් ජන කණ්ඩායම ලෙස සැලකෙන අතර, රටේ පවතින සිවිල් ගැටුම්වලදී ක්‍රිස්තියානි සටන්කාමීන්ගේ ගොදුරු බවට ඔවුන් නිරන්තරයෙන් ලක්වූ බවද කියැවෙයි.

2013 මාර්තු මාසයේදී එරට ජනාධිපතිවරයාව සෙල්කා සටන්කාමීන් විසින් බලයෙන් පහ කිරීමත් සමග මේ වනතෙක් රට තුළ ක්‍රියාත්මක වන්නේ සිවිල් යුද තත්ත්වයකි.

මෙම සෙල්කා සටන්කාමීන් වැඩි පිරිසක් මුස්ලිම්වරුන්ගෙන් සෑදුණු නිසා, ඔවුන් ක්‍රිස්තියානීන්ට එරෙහිව දැඩි මර්ධනකාරී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීමත් සමග මෙම සිවිල් යුද තත්ත්වය උත්සන්න වී තිබේ.
මේ අතර, පසුගිය සිකුරාදා දිනයේ සිදුවූ ගැටුම් හේතුවෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජය තුළ පුද්ගලයන් 22 දෙනෙකු ඝාතනය වී තිබුණු අතර, මෙම ඝාතනවලට සෙල්කා සටන්කාමීන් වගකිව යුතු බවද කියවුණි.


1 comments:

compbuwa said...

ලොවට ම ආදර්ශයක්...

Post a Comment