මයිකල් ජැක්සන් ළමා අපචාර කරුවෙක්ද? ~ niruwatha

Saturday, April 19, 2014

මයිකල් ජැක්සන් ළමා අපචාර කරුවෙක්ද?

මීට පෙරාතුව නොඇසූ සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ගීතයක් ඇතුළත් ඔහුගේ නවතම ගීත ඇල්බමයක් එළඹෙන මැයි මාසයේදී එළිදැක්වීමට නියමිතය. එහි ආන්දෝලනයට තුඩුදී ඇත්තේ  ළමා අපචාර පිළිබඳ ලියැවුණු ගීතයක් නිසාය. ගීත අටකින් යුතු මෙම ඇල්බමයේ ර්‍ණඩූ යූ නෝ වෙයාර් යුවර් චිල්ඩ්රන් අර්ර්‍ණ(ඔබ දන්නවාද ඔබේ දරුවන් කොහෙද කියා)නමැති මෙම ගීතයේ දොළොස් වියැති දැරියක සිය සුළු පියාගෙන් අපහරණයට ලක්ව නිවසින් පලාවිත් අවසන ගණිකා වෘත්තියේ යෙදෙන්නියක බවට පත්වන සිදුවීමක් ප්‍රකාශවෙයි. මෙම ගීතය මයිකල් ජැක්සන් නම් මෙම අසහාය ගායන ශිල්පියා මියෙන්නට පෙරාතුව 50 වන වියේදී 2009 ජූනි මාසයේදී පටිගත කර තිබේ. කෙසේ වෙතත් එම ගීතයද ඇතුළත් නවතම ගීත ඇල්බමය Xscape නමින් මැයි මාසයේදී එළිදැක්වෙනු ඇත.



"ඇය ලියයි
 ඇය කලකිරුණු බව
 සුළු පියා තමන් දූෂ්‍ය  කරන අතරවාරයේ
 හැමදේම අරන්දෙන බවට
 කියූ වගර්‍ණ


 ඔබ දන්නවාද
 ඔබේ දරුවන් කොහේදැයි යන වග
 ඇයිද යත්,
 දැන් වේලාව දොළහයි
 ඔවුන් වීදියෙන් පිට කොහේ හෝ ඇති
 ඔබට පරිකල්පනය කළ හැකිද?
 ඔවුන් බියට පත්ව ඇති තරම?





මේ ජැක්සන්ගේ නවතම ගීත ඇල්බමයේ එන එකී ගීතයේ පදමාලාවෙන් කොටසකි. මෙය බැලූ බැල්මට ළමයින් ලිංගික අපචාර සඳහා යොදාගැනීමට එරෙහිව නිර්මාණය වූ ගීතයක් ලෙස පෙනීගියද ජැක්සන්ගේ රසිකයින් අනුමාන කරනු ලබන්නේ එය මයිකල් ජැක්සන්ට අදාළවම නිර්මාණය වූවක් බවයි. ජැක්සන්ට එරෙහිව ලිංගික අපචාර චෝදනා අවස්ථා කිහිපයකදීම එල්ලවූ අතර 1990 දශකයේ මැදභාගයේ දී 13 වියැති ජොර්දාන් චැන්ඩ්ලර් නමැති පිරිමි දරුවා අපහරණය කළ බවට එල්ලවූ චෝදනාව බරපතළ විය. එහෙත් මෙම සුපිරි ගායන තරුවට එරෙහිව විධිමත් ලෙස චෝදනා ගොනුකර නොමැති බව අධිකරණයේ තීන්දුව විය. කෙසේ වෙතත් අවසානයේ මිලියන 25 ක වන්දියක් චැන්ඩ්ලර්ට ලබාදී සිද්ධිය සමථයකට පත්කර ගැනීමට ජැක්සන් කටයුතු කළේය.


                                    2005 වසරේදීද කැලිෆෝනියාවේ ශාන්ත මරියාහි අධිකරණයකදීද ජැක්සන්ට එරෙහිව ළමා ලිංගික අපචාර චෝදනා ඇතුළු චෝදනා කිහිපයකට අදාළව නඩුවක් කැඳවා තිබිණි. එහිදීද ජූරිය විසින් සියලු චෝදනාවන්ගෙන් ඔහු නිදහස් කිරීමට කටයුතු කරන ලදී. උපතින් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුවූ සුපුරි නර්තන ශිල්පි වොඩ් රොබ්සන් ද ජැක්සන්ට එරෙහිව නඩුදැම්මේය. පොප් ගී රජුගේ ලිංගික අඬත්තෙට්ටම් නිසා තමන් වසර ගණනාවක් තිස්සේ වේදනා විඳින බව හෙතෙම අධිකරණයේදී කියා සිටියේය. ඒ අනුව 2005 වසරවන විට මයිකල් ජැක්සන්ට ලිංගික අපචාරවලට එරෙහි චෝදනාවල ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස සිටියේ රොබ්සන්ය. එහෙත් එකී වසරේ ජූනි වන විට තමා අදහන සුපිරි තරුවගේ මොළසේදීමේ ක්රි යාවකින් පසුව ඔහුට පක්ෂව සාක්ෂි දීමට තරම් හෙතෙම වෙනස්විය. 


මයිකල් ජැක්සන්ගේ නවතම ගීත ඇල්බමය සුප්‍රසිද්ධ එපික් රෙකොඩ් සමාගමේ සාඩම්බර නිපැයුමකි. ටිම්බර්ලෑන්ඩ්, ජර්කින්ස්,ස්ටාර්ගේට්ස්, ජෝන් මැක්ලේන් ආදී තවත් සහෝදර සමාගම් කිහිපයකගේම සහයෝගය ඊට ලැඛෙයි. එපික්රෙකෝඩ් සමාගමේ ප්‍රධානී එල්.ඒ රෙයිඩ් මෙසේ පවසයි.

‘‘ඔහු එක්ක සෘජුව හෝ  වක්‍රව ගනුදෙනු කිරීමට ලැබීම පිළිබඳ සංගීත කර්මාන්තයේ නියැළි නිෂ්පාදකයින් වන අපට මහත් ආඩම්බරයක්. ඒ අද්විතීය ගායන ශිල්පියාගේ සංගීතය ලෝකයට තිළිණ කිරීමට ලැබීම ගැන අපි සැබවින්ම ආඩම්බර වෙනවා.ර්‍ණ හෙතෙම කියා සිටියි. දශක 4 ක් වනතුරු ජැක්සන්ගේ සංගීත උරුමයේ සැබෑකොටස්කරුවෙකු වන රෙයිඩ් මැයි මස 13 වන දින Xිජ්චැ නවතම ගීත ඇල්බමය නිකුත් කිරීමට බලාපොරොත්තු වෙයි. එහෙත් අප්‍රේල් මස 01 වන දින සිට ෂ එමබැි හරහා කලින් ඇණවුම් කිරීමේ අවස්ථාවද ලබාදී තිබේ.


‘‘අසහාය ගායන ශිල්පියාගේ ගීත 8 ක් ඇතුළත් මෙම ඇල්බමය ගෙවීගිය 2010 වසරේ එළිදැක්වීමට තමයි මීට පෙර කටයුතු සැලසුම් කර තිබුණේ. නමුත් එය ඉටුකර ගැනීමට හැකිවුණේ නෑ. මයිකල් ජැක්සන්ගේ අනන්‍යතාවයට හා පරිපූර්ණත්වයට හානි නොවන විදිහට විශිෂ්ට නවීන ක්‍රම හා නාද රටාවන් ඔස්සේ මේ කාර්යය නිමා කිරීමට අපට හැකිවුණාර්‍ණ     රෙයිඩ් අවධාරණය කරයි. 


                                                                     මයිකල් ජැක්සන්ගේ අවසාන ශබ්දාගාර හා අනභිබවනීය ගීත ඇල්බමය නිකුත්වූයේ 2001 වසරේදීය. ඔහුගේ සුප්රසසිද්ධ ‘යූ රොක් මයි වර්ල්ඩ්‘ සහ ‘ක්රීයි ඇන්ඩ් බටර්ප්ලයි‘ ගීත ඊට ඇතුළත් විය. නවතම ගීත ඇල්බමයද ඒ සා  විශිෂ්ට කෘතියක් ලෙස ලොව පුරා වෙසෙන ජැක්සන්ගේ රසික ප්‍රජාව ආදරයෙන් වැළඳගනු ඇතැයි නිෂ්පාදකයින්ගේ බලාපොරොත්තුවයි.

3 comments:

රාවතාවත්තේ කැට්ටි පෙඩුනු වෙන්යාවෝ said...

අනේ මයිකල් අයියා අපේ ජාතියෙනේ
ඕගොල්ලෝ කියන්නේ එහෙම නෑ කියලද?

අපි කොච්චරනම් එකට මල් පැල කෑවද?

මරාජපස්ස said...

අපේ නොනෙත් කැට්ටි පෙඩුනු වෙන්යාවෝ වගේද දන්නේ නෑ.මොකෝ ඉතින් එකම දර්ශනෙනේ

කොල්ලෙක් said...

මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්න එපා යකෝ

Post a Comment