කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතාට පල බුරුවා යයි බැන වැදී වැඩ තහනමට ලක්ව සිටින පොලිස් සැරයන් වරයා 26 වනදා සිට යලි සේවයේ පිහිට වූ බව මහරගම සහකාර පොලිස් ජයන්ත අතපත්තු මහතා පැවසීය.
මහරගම පොලිසියේ රථ වාහන අංශයේ ජානක පෙරේරා නමැති පොලිස් සැරයන් වරයකු මෙසේ යලි සේවයේ පිහිටවනු ලැබීය.
මහරගම පමුණුවා පාරේදී ඉකුත් 26 වැනිදා එම පොලිස් සැරයන් වරයා තම රථය හරස් කර තමන්ට බන වැදුණු බවට මහේස්ත්‍රාත් වරයා පොලිස්පතිවරයාට කරනු ලබන පැමිණිල්ලකට අනුව මෙම සරය වරයා අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කල අතර ඔහුගේ සේවයද අත්හිටවනු ලැබිණි.
ඉකුත් 23 වැනි දින මොහු කොටුව අධිකරණයට පැමිණ මහේස්ත්‍රාත් වරයාට බුලත් හුරුල්ලක් දී වැද සමාව ගැනීමෙන් පසුව නඩුව සමතයකට පත් කිරීමට මහේස්ත්‍රාත් වරයා උපදෙස් දී තිබිණි ඒ අනුව ඔහු යලි සේවයේ පිහිටිවීමටද පියවර ගෙන තිබේ.
7:51 PM
Unknown

0 comments:
Post a Comment