ඓශ්වර්යාගේ ප්‍රේමය නිසා ලක්ෂ 17ක් නැති කරගත් ලාංකිකයා ~ niruwatha

Wednesday, May 7, 2014

ඓශ්වර්යාගේ ප්‍රේමය නිසා ලක්ෂ 17ක් නැති කරගත් ලාංකිකයා

ජනප්‍රිය බොලිවුඩ් නිළි අයිෂ්වර්යා රායි  සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබූ බවත්, ඇය ඉන්දියා නළු හා චිත්‍රපට නිෂ්පාදක අභිෂේක් බච්චන් හා විවාහ වීම නිසා තමාට නීති මාර්ගයෙන් සහනයක් ලබා දෙන බව කියූ තම බෑනා රුපියල් 17 ලක්ෂයක් වංචා කළැයි තායිවානයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙක් කොළඹ වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් කර තිබූ බව කොටුව උසාවියේ දී අද කියැවිණි.
නිරෝෂණ දේවප්‍රිය නම් මෙම තැනැත්තා පොලිසියට පවසා ඇත්තේ අභිෂේක් සමඟ අයිෂ්වර්යා විවාහ වීම නිසා තමා මානසික අසහනයකට පත් වූ බවයි.
එසේ තමාට වූ මානසික පීඩාවට වන්දි ලබා ගැනීම සඳහා නඩු පැවරීමට   පානදුරේ රොෂාන් අජිත් නම් තම බෑනා රුපියල් 17 ලක්ෂයක් තමාගෙන් ලබාගෙන, ඒ සම්බන්ධයෙන් කිසිත් නොකළැයි නිරෝෂන් දේවප්‍රිය පැවසූ බව පොලිසිය මහේස්ත්‍රාත්ට දැන්වීය.
සැකකාර රොෂාන් අජිත් පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කැරිණි.
මාස්පතා කොටස් වශයෙන් රුපියල් දස ලක්ෂයක් මාමාට ගෙවීමේ පොරොන්දුව පිට රොෂාන් අජිත් රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

0 comments:

Post a Comment