රිහානා නිසා බියෝන්සේගේ සැමියා නෑනාගෙන් ගුටි කයි (Video) ~ niruwatha

Thursday, May 15, 2014

රිහානා නිසා බියෝන්සේගේ සැමියා නෑනාගෙන් ගුටි කයි (Video)

ලොව ප්‍රකට පොප් ගායිකා බියෝන්සේගේ සහෝදරිය වන සොලන්ගි නෝල්ස් බියෝන්සේගේ සැමියා වන ප්‍රකට රැප් ගායක JAY Z හට පහර දෙන දර්ශන ඇතුලත් CCTV වීඩියෝවක් මාධ්‍යට නිකුත් වී තිබේ.මෙම සිදුවීම සිදු වී ඇත්තේ New York City හෝටලයේ විදුලි සෝපානය තුළදීය.එහි දැක්වෙන දර්ශන පෙලට අනුව විදුලි සෝපානයට ඇතුළු වූ සැනින් සොලන්ගි බියෝන්සේගේ සැමියා වෙත පැමිණ පහර දෙන ආකාරය දැක්වෙන අතර මෙහි සුවිශේෂීම සිදුවීම වන්නේ මෙම අවස්තාවේදී බියෝන්සේද එම ස්ථානයේ සිටීමය

පසුව පුද්ගලික ආරක්ෂකයකු බවට විශ්වාස කල හැකි පුද්ගලයකු පැමිණ සොලන්ගිව තදින් අල්ලා ගන්නා අතර ඇය බියෝන්සේගේ සැමියාට පා පහර කිහිපයක්ද එල්ල කරයි.එම අවස්තාවේදී බියෝන්සේ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම විශේෂිතයි.මේ අනුව CCTV වීඩියෝ මාධ්‍යට නිකුත් වීම පිලිම්බන්ධව New York City හෝටලයේ කළමනාකාරීත්වය ප්‍රකාශ කර සිටින්නේ මෙය කළමනාකාරීත්වනේ අනු දැනුම රහිතව සිදු වුවක් බවත් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන බවත්ය.

සොලන්ගි JAY Zට පහර දී ඇත්තේ බහින්බස් වීමක ප්‍රතිපලයක් ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.New York City හෝටලයේ පැවතී සාදයෙන් පසුව JAY Z තවත් පොප් ගායිකාවක් වන රිහානා හමු වීමට යන බව පැවසීමෙන් පසුව මෙම ගැටුම හටගෙන තිබේ.JAY Z සහ රිහානා අතර දීර්ග කාලයක් තිස්සේ සමීප ඇසුරක් පවතින අතර සොලන්ගි JAY Z ගෙන් විමසා ඇත්තේ ආපසු නිවසට නොගොස් රිහානා හමුවීමට යන්නේ ඇයිද යනුවෙනි.එම අවස්තාවේදී සොලන්ගි මත්පැන් පානය කර සිට ඇති අතර JAY Z ද යට බන වැදී ඇත.අනතුරුව විදුලි සෝපානයට පැමිණි පසු ය පහර පිට පහර එල්ල කලාය





















0 comments:

Post a Comment