බුදුන් වහන්සේට සහ බුදු දහමට අවමන් කෙරෙන වීඩියෝ පටයක් ඉස්ලාමීය සංවිධානයක් විසින් අන්තර්ජාලයේ ‘යූ ටියුබ් ‘ වෙබ් අඩවියේ පළ කරනු ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලය සිය කණගාටුව පළ කරයි.
‘ශ්‍රී ලංකා තව්හීඩ් ජමාත්’ ඉස්ලාමීය සංවිධානය විසින් 2013 වසරේ අන්තර්ජාලයට එක් කර තිබුණ වීඩියෝ පටයක් මෙම අර්බුදයට මුල් වී ඇත.
මුස්ලිම් සංවිධානයක් හෝ පුද්ගලයකු විසින් බුදුන්ට හෝ බුදු දහමට අවමන් කරනු ලැබීම කිසිසේත්ම අනුමත කල නොහැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ සභාපති එන්.එම්.අමීන් කියා සිටියේය.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉස්ලාම් දහම කිසිදු ආගමක් නින්දාවට පත් කිරීමට උත්සාහ නොකරන අතර ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගෙන් 99% ක්ම ඉහත කී වීඩියෝ පටය අනුමත නොකරන බවයි.
සිවිල් සංවිධාන එකමුතුවක් ලෙස ඔවුන්ගේ අරමුණ ශ්‍රී ලංකාවේ සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් ඇතුළු සියලු ජන කණ්ඩායම්වලට සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩ නැගීම බව පවසන ලංකා මුස්ලිම් කවුන්සලයේ සභාපතිවරයා, කිසිදු ආගමක් වෙනත් ආගමකට අපහාස කිරීම වැරදි බැවින් එය හෙළා දැකීම සිය සංවිධානයේ අරමුණ බවත් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ යහපත් ආගමික සහජීවනයක් පවතින බවට මෙවර වෙසක් උත්සවය සැමරීමට විවිධ ජන වර්ග ආගම් භේද නොසලකා සහයෝගය දැක්වීම හොඳ උදාහරණයක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ සභාපති එන්.එම්.අමීන් පවසයි.
සීමිත පිරිසක් එම මතයට විරුද්ධව කටයුතු කළත්, බහුතරය සාමය සහජීවනය අගයන බව පැවසූ එන්.එම්.අමීන්, එවැනි පුද්ගලයන් සහ සංවිධාන වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මගින් රජය විවිධ ආගම් අතර සාමය රැකීමට පියවර ගත යුතු බව පෙන්වා දෙයි.

10:36 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment