දවල් දවසේ තිබුණු රස්නේ හවස හේදිලා ගියේ මහ වැස්ස මංමාවත්, ගෙවල්, ගහකොළ සියල්ලම තෙමලා, පොඟලා දැම්ම හින්දා... රෑ කළුවරට ඉස්සෙල්ලා සේන්දු වුණු මන්දාරම් අඳුර ඒ වෙරළබඩ දිවෙන හැම පාරක්ම මිනිසුන්ගෙන් හිස් කළේ කොයිවෙලේ හරි කඩා වැටෙන අනෝරා වැස්සට වහංගු වෙන්න තැනක්, කඩපිලක් පේන තෙක් මානයක නැති හින්දා... එහෙම වෙලාවට රජයන ඒ පාළු වීදි දිග ඉඳහිට වාහනයක් දෙකක් ඉහළට හරි පහළට හරි ගියේ හරි සෙමින්... ඒ මොනවත් හින්දා නෙවෙයි, ඒ වාහන ඇතුළේ ඒ මොහොතේ කාම රසගුලාවක් හෙමි හෙමින් මෝදු වෙමින් පවතින හින්දා... මං මේ කතා කරන්න හදන්නේ ඒ කාම ලෝකේ ගැන නෙවෙයි... යකඩ යකාගේ රළු පාරට මෙහායින් ඉදිවෙච්ච පුංචි පුංචි ඩප්පි වගේ පේන කාමරවල වෙන අරුම පුදුම වැඩ ගැනයි මං මේ ඔබට කියන්න හදන්නේ... මේ වෙරළබඩ හැම කාමරයක්ම රුපියල් හයසීයේ ඉඳලා දාහ, එක්දහස් පන්සීය අතරේ තාවකාලික මනදොළ සපුරන්නන්ගේ ලැගුම් ගෙවල් වෙන්නේ එයාලා නොදන්න තව ගොඩක් මිලක් ඒ අතරට එකතු වෙලා... නම, ගම, තැන නොකියන නොලියන පොරොන්දුව පිට මට කෙනෙක් එක්ක මේ ගැන කදේ දාන්න පුළුවන් වුණා... ලිපිය පළවෙනකම් එයා හිතාගෙන ඉන්නේ මං සමාජ විද්‍යාව හදාරන තරුණයෙක් කියලා... ඇත්තම කිව්වොත් ඒක තමයි ඇත්තත්...
මොකක්ද මේ හරියට කියන්නේ...
මං කිව්වනේ මහත්තයෝ... තැන ගැන මහත්තයා අහන්න එපා... තැන මහත්තයා දන්නවනේ... මේ මහ ගල් පොත්ත, අර පේන හෝටලේ දැක්ක ගමන් ඕනෑ කෙනෙක් දන්නවා කොතැනද තැන කියලා... අපි අපේ සබ්ජෙක්ට් එකට බහිමු චීෆ්... ඔයා ආවේ රිසර්ච් එකකට කිව්වනේ... මං ඒක කරලා දෙන්නම්... මුලින් මොනර කොළ දෙකක් පඬුරු විදියට අත උඩින් තියන්න... ඊට පස්සේ පුළුවන් වැඩේ කෙරෙන විදිය දැනගන්න.
හරි මං දෙන්නම්...
දෙන්නම් නෙවෙයි මහත්තයා... දීලා ඉන්නකෝ... මහත්තයා සමාජ විද්‍යාඥයෙක් වුණත් සී.අයි.ඩී. වුණත් මට අදාළ නෑ... දෙදාහ ගන්නේ මං මගේ පුංචි එවුන්ට කන්න දෙන්න... මගේ ගෑනිට කතා කරලා දාහක් දීලා අපි වැඩේට බහිමු... කෝ... සල්ලි ගන්නකෝ බොසා...
එතැතින් එහාට රුපියල් දෙදහක් මුලින්ම පූජා කරන්න ඕනෑ... ඊට අඩුකරන්නත් යාළුවා එකඟ නෑ... ඔබ කියන්න මං මොකක්ද කරන්න ඕනෑ... ඔඛෙන් දැනෙන උත්තරයක් මට නැත්තේ, වැඩේ බලන්න එපා කියලනේ... ඔන්න එහෙනම් මං හැරුණා...
මොනවද දොරේ... රුපියල් දෙදහක්වත් නැතුවද සීන් බලන්න ආවේ... ඔහොම යන එක තමයි හොඳම... මේවා ලයිව් ෂෝ... තිර, සවුන්ඩ්, ෆීලින්, මහත්තයාට ඇස් දෙකට පේන්නේ, කන්දෙකට ඇහෙන්නේ, අතට හිතට දැනෙන්නේ ලයිව්... ඔයා බොසා යන්න උදේ පහමාරට විතර ........... බීච් එකට... එතකොට පුළුවන් ලයිව් ෂෝ එකක් ෆී්‍ර බලන්න... හැබැයි ගඳට නම් කරන්න වෙන්නේ ඉවසගෙනම ඉන්න තමයි... ඔය සෙක්ස් සීන් වගේ නෙවෙයි ඒක... මේක වැල්ල බොසා... අපේ අත්වාසියට මිස පිට බෝට්රයිඩ්ස්ලගේ වාසියට නෙවෙයි මෙහේ මීටරේ කැරකෙන්නේ...
මං ආයිත් හැරුණා... කවදාවත් පර්ස් එකක් පාවිච්චි නොකරන මං සල්ලියි, අරවයි, මේවයි හැමදේම දැම්මේ හිතෙන හිතෙන තැන්වල... කවදාවත් එකතු කරලා ඉවර කරන්න බැරි මගේ කුඩු වෙච්ච ජීවිතේ ඇස් අස්සෙන් මං දැක්කේ එක දෙයයි... රුපියල් දෙදාහ මොනවද... ලක්‍ෂ දහයක් මේක කියෙව්වොත්... එකෙක් හරි හැදෙයිනේ...
දෙදාහ වැඩියි ලොක්කා...
බොසා ඔයාට ලයිව් බලන්නත් ඕනේ.... සද්ද අහන්නත් ඕනේ... නෝණ්ඩි වෙන්නත් බෑ... මොනවද බොසා ඔයා පොතක් ගහයි... හිට් වෙයි... රටකජු වගේ විකිණෙයි... ලක්‍ෂ ගාණක් හොයයි... ඒත් මං එදාටත් මෙතැනමයි... බොසා මාව දන්නෙත් නෑ... මං බොසාව දන්නෙත් නෑ... හරි එක්දහස් පන්සීයක් දෙන්න... ඉතිරි පන්සීය බොසාම රාජට දෙන්න... දැන් හරිනේ...
ඒත් දෙදහක් වෙලානේ...
ඒක තමයි කිව්වේ... කොහොමත් එහෙමයි...
හරි... ආ... මෙන්න...
අන්න එහෙම එන්න බොසා... දැන් විනාඩි පහක් මුහුද දිහා බලාගෙන ඉන්න... මං ගෑනිට කතා කරලා මේක දීලා එන්නම්... එතකම් ඔය කපල් එකක් දිහා බලාගෙන ඉන්නකෝ... මං ටාර් ගාලා එනවා...
යාළුවා වාෂ්ප වුණා... මුහුද මොන වගේද... මුහුද වෙන මොනා වගේවත් නෙවෙයි... මුහුද මුහුද වගෙයි... ඒ කියන්නේ අපි වගෙයි... ඒවා මේවා හිත හිත ඉන්න අතරේ හෙල්මට් දෙකක් අත් දෙකේ දාගත්ත කපල් එකක් බීච් එක දිගේ එහාට ගියා... ඒ දෙන්නා රූම් එකක් හොයනවා... මට එහෙම හිතුණා... හිතුවා වගේම ඒ දෙන්නා රූම්ස් කියලා ගහලා තිබුණු බෝඩ් ලෑල්ලක් අස්සෙන් නොපෙනී ගියා... ඒ එක්කම මගේ යාළුවා ඇවිල්ලා...
මං හිතුවේ...
දෙදාහට කෙළවුණා කියලා... හරිනේ... මේ බාස් එහෙම නෑ... හරි... දැන් අපි යමු... දැන් මෙතැනින් ගියා නේද කපල් එකක්... අර දම්පාට සායක් ඇඳලා හිටියේ... සුදුපාට බෝල බෝල තිබුණේ...
ඔව්... අර තැඹිලිපාට ටී-ෂර්ට් එක ඇඳලා හිටියේ... කොල්ලා...
හරි... අපි බලමුද ඒ කපල් එකේ සීන් එක...
පුළුවන්ද...?
නැත්නං... මේවායින් වැඩක් තියෙනවද... මේ ඉන්නේ දෙවියන්ගේ මල්ලිනේ...
යාළුවා මට එහෙම කියලා සල්ලි රුපියල් දාහක් පෙන්නුවා... මං මටම හිනා වෙලා කරබා ගත්තා... ඊට පස්සේ අපි කතා කර කරම ඒ රූම්ස් පැත්තට ගියා...
ෂෝ එක තාම පටන්ගත්තේ නෑ බාස් අයියා බලනවද...?
ගඩ්ඩා මූණක් තියෙන කෙනෙක් යාළුවාගෙන් ඇහුවා...
මොන සීන්ද මල්ලි... මං ආවේ වෙන වැඩකට...
කාටද බාස් අයියටද... බාස් අයියට මොන සල්ලිද... පැයේ ෂෝනේ... දෙසීයයි...
නෑ... බං... මේ මහත්තයෙක්ට සීන් එකක් බලන්න ඕනලු...
සීන් බලන එවුන් මහත්තුරු වුණේ කවද්ද බං...
නෑ බං මේ මහත්තයා සමාජ විද්‍යාවද මොකක්ද එහෙකට රිපෝට් එකක් ලියන්න තොරතුරු හොයනවා... ඉතින් මං මේ එක්කන් ආවා...
ෆොටෝ ගන්න බෑ... කැමරා ගහන්න බෑ... අනන් මනන් සද්ද බද්ද බෑ... ෆෝන් ගෙනියන්න බෑ... ඒ කිව්වේ කතා කරන්න, අරවා මේවා බෑ... ලයිව් ෆිල්ම් එක බැලුවා... පහළට බැස්සා මාරු වුණා...
හරි අපි බලමු... පැයකදී සෙට් වුණේ නැත්නම්...
දෙවැනි පැයට සීයයි... තුන්වැනි පැයට පනහයි... එතැන ඉඳලා දිගටම පනහයි...
යං අපි...
ඒ කාමර පේළියේ පිටිපස්සේ උඩ කොරිඩෝවට මෙහායින් පුංචි තීරුවක් තිබුණා... ඒක නම් කවදාවත් කාටවත්ම හොයන්න බෑ... අපි යනකොටත් තුන් හතර දෙනෙක් ඒ අඳුරු ඉඩේ පුටුවල වාඩිවෙලා බිත්තියට ඇහැ තියාගෙන හිටියා... සමහරු හිටියේ පුටුවේ එල්ලිලා...
මෙතැනයි තැන...
යාළුවා මට එහෙම ඉඟි කළා... මං පුටුවේ ඉඳගෙන ඒ කිව්ව සිදුර දිහා බැලුවා... කෙළින්ම පේන්නේ ඇඳ... ඒ වෙනකොටත් දම්පාට සාය ඒ යුවතියගේ ඇඟේ තිබුණේ නෑ... තැඹිලි පාට ටී ෂර්ට් එක ඇඳේ එහාට වෙන්න ගුළි ගැහිලා තිබුණට, ඒකේ අයිතිකාරයා සිදුරෙන් පේන ඇඳ මායිමේ හිටියෙත් නෑ...
හොඳයිද...
මේ වගේ බැල්මක් දාගෙන යාළුවා මගේ ළඟ පුටුවට අත තියාගෙන හිටියා... මං අත්දෙක පිට පැත්ත හරවලා මුකුත් පේන්නේ නෑ කියලා පෙන්නුවා... ඒ ගමන එයා මට පුටුවෙන් බහින්න කියලා ඒක උඩට නැග්ගා... ඊට පස්සේ ඇහැ සිදුරට තියලා අතේ මහපට ඇඟිල්ලයි, දබරඟිල්ලයි එකට තියලා නියමයි කියලා හස්ත සංඥාවෙන් කිව්වා... මාත් ඒ එක්කම සිදුරෙන් කාමරේ දිහා බැලුවා... ඒ සිදුරේ රාමුවෙන් පෙනෙන සීමාවේ ඔළුව, කකුල්වල විලුඹ ඇර අනිත් හැම අවයවයක්ම රිද්මයකට සැලෙමින් තිබුණා... ලයිව් ආතල් එකක්... මොනවා වුණත් පට්ට සීන් එක... වැඩේ නැඟලා යන අතරේ මං හිමිහිට පඩිපෙළ බැහැලා පහළට ආවා... යාළුවා උඩ නැවතුණා... මං පහළට එද්දී බාස් අයියට කතා කළ යාළුවා බයවෙලා වගේ මං දිහා බලාගෙන හිටියා...
ඇයි...?
නෑ... ඇති බැලුවා...
අයියෝ අපරාදෙනේ... මරු පොරක් අද ආවේ... බලන්න සීන් එක... කෙල්ලටත් වයස නෑ... අවුරුදු විසි දෙකයි... ගම... මේ තියෙන්නේ... මැදවච්චිය...
මොකක්ද මරු පොරක් කිව්වේ...
දන්න අය අතරේ විතරයි වෙන්නේ... ලසා මරු කොල්ලා... ඌ කෑමක් නිකන් කන්නේ නෑ... අපෙත් හොද්ද බොර කරලයි කන්නේ... ඔය කාමරේ වටේ තියෙනවා හිල් දහයක්... දහයම තියෙන්නේ ඇඳට චැනල් කරලා... ලසා කෑල්ලක් දාගෙන එද්දී අපිට කියනවා... මං කාමරේ රෙඩි කරලා, මෙහේ ඉන්න ~බලන් සොමිය~ ගන්න මැන්ටල් හත් අට දෙනෙක් ඉන්නවා... ඒ අයට පණිවුඩේ දෙනවා... ඒකෙන් පස්දෙනෙක් සෙට් වුණොත් බලන්න රුපියල් දාහක් නිකම්ම ඇවිත්... ලසාට අපි රූම් එක දෙන්නේ ෆී්‍ර... නැත්තං රූම් එක පැය හතරට අටසීයයි... ෂෝට් ටයිම්නේ... ලසා කෙල්ලගෙන් සල්ලි ගන්නවා රූම් එකට කියලා පන්සීයක්... ඌ කෙල්ලත් එක්කත් ඉඳලා රුපියල් පන්සීයකුත් අරගෙන යන්නේ... ඒ ඇරෙන්න සමහර වෙලාවට මැන්ටල් පහත් කීයක් හරි දෙනවා... මොකද එයාලට මේක කරන්න බෑනේ... කෙල්ල ළපටි වැඩියි... කැමැති නෑ... ඒ නිසා තමයි මෙහෙම සැපක් ගන්නේ... බලන් ඉන්න එක විතරනේ...
කොහොමද වැඩේ වෙන්නේ...
රූම් හැමදාම දෙන්නත් බෑ... එන්නේ නෑ... හැබැයි මේ වගේ ගේම් එකක් එක්කෙනෙක් දාලා කළත් දවසට රුපියල් හාර පන්දහක් හොයාගන්න පුළුවන්...
එතකොට මේ ගේම් එක ඔක්කොම අය දන්නවද...?
කෙල්ල ඇර අනික් අය දන්නවා... කෙල්ලටනේ නෝණ්ඩි වුණොත් අප්සට් වෙන්නේ... කොහොමත් මේ හිල් හදලා තියෙන්නේ යකෙක්ටවත් හොයන්න බැරි වෙන්න... කළු ටයිල්වලනේ හිල තියෙන්නේ... ඒක නිසා පේන්නේ නෑ... අනික හිල් ඔක්කොම කාමරේට යද්දි එක එක දේවල්වලින් වැහිලා තියෙන්නේ... ටවල්, පුටු, මල් පෝච්චි, කඩදාසි චිත්‍ර මේවා ඔක්කොම ලසා හිමිහිට වෙනස් කරනවා වැඩේට ඉස්සෙල්ලා...
හැමදාම තියෙනවද...
හැමදාම නෑ... ඒත් හැමදාම නැත්තෙත් නෑ...
මෙහෙම බලන තැන් අඳුරගන්න බැරිද...
කොහොමද එහෙම කරන්නේ... අතගාලාම තමයි... දැන් ඔය ආව කෑල්ලට අද හවස් වෙනකම් යන්න ඕනේ නෑ... දැක්කාම පේනවනේ... කොහේ හරි වැඩ ඇති... අද හවස් වෙද්දී හාරදහක්, පන්දහක් ෂුවර් තමයි... මේ වගේ පොඩි කාමරේකින් එහෙම හොයන්න පුළුවන්ද බොසා... බෑනේ...
මට පාර කිව්ව බාස් අයියාත් පඩිපෙළ දිගේ පහළට ආවා...
මරු ෂෝ එක නේද...
දැක්කද බොසා මං කිව්වේ ඒකයි... ඔය ටී.වී. එකක බලනවා වගේ නෙවෙයි මේක... ලයිව්... ආයි දවසක එනවා නම් බොසා එන්න... යන්න පාර දන්නවනේ... මහත්තයා රිපෝට් එක ලියන්නකෝ... ලියලා අපිටත් කියන්නකෝ...
A.එදිරිසිංහ
1:32 AM
Unknown

1 comments:
math ekkan giya mala keliayi
Post a Comment